Friday, May 30, 2014

ආර්ථික විද්‍යාව

Economics ඉංග්‍රීසි වචනයේ සිංහල පරිවර්ථනය ආර්ථික විද්‍යාවයි. Greek වචනයක් වූ "okionomos"යන වචනයෙන් බිදී ආ වචනය ලෙස Economics වචනය හැදින්විය හැක.මෙය ආර්ථික විද්‍යාව දක්වා පරිවර්ථනය වූ ආකාරය පහත දැක්වේ.

                                                     Okio=House- ගෘහය

                                                     Nomos= Management-කළමණාකරණය

ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්‍රය පහත දැක්වෙන ලෙස විවිධ වර්ගයන්ට 
වර්ග කල හෝ බෙදා දැක්විය හැකිය.




  • සූක්ෂම ආර්ථික විද්‍යාව හා සාර්ව ආර්ථික විද්‍යාව
  • යථානුරූප ආර්ථික විද්‍යාව (මොකක්ද?) සහ අභිමතානුරූපී ආර්ථික විද්‍යාව (මොකක් සිදුවිය හැකිද?)
  • ප්‍රධාන ප්‍රමාණ ආර්ථික විද්‍යාව සහ වෛතුලන ආර්ථික විද්‍යාව
  • ආර්ථික විද්‍යාවේ ක්ෂේත්‍ර සහ පැතිරුණු පුළුල් ‍ප්‍රභේදයන්


ආර්ථික විද්‍යාවේ තවත් ප්‍රයෝජනයක් වන්නේ, කුමන ආර්ථිකයක්ද ආර්ථික පද්ධතියක් වශයෙන් ක්‍රියාවන් සහ කවර සම්බන්ධතාවන් ආර්ථික නියෝජිතයන් හා සමාජය අතර පවතීද යන්න පැහැදිලි කරගත හැකි වීමයි.


ආර්ථික විද්‍යාව, ශුද්ධ විද්‍යාවක් ද? සමාජ විද්‍යාවක් ද?


               ශුද්ධ විද්‍යාවන් යන්නෙන් අදහස් වන්නේ කිසියම් පර්යේෂණාගාරයක් තුළ යම් තත්ත්ව පාලනයන්ට යටත්ව සිදු කරන පර්යේෂණ මත නිරීක්‍ෂණ ඔස්සේ නිගමනයන්ට එළඹ, ප‍්‍රතිපත්ති සම්පාදනය කරනු ලබන විෂයන්ටය.
                 සමාජ විද්‍යාවක් යනු කිසියම් සමාජයක් පර්යේෂණාගාරය කරගනිමින් එහි වන විචල්‍යයන්ගේ හැසිරීම් රටා අධ්‍යයනය කිරීම තුළින් නිගමනයන්ට එළඹ ප‍්‍රතිපත්ති සම්පාදනය කරන විෂයන්ය.
                 ඒ අනුව සමාජය සැලකිල්ලට ගෙන ඒවායේ විචල්‍යයන් පිළිබඳ හදාරා නිගමනයන්ට එළඹ ප‍්‍රතිපත්ති සම්පාදනය කරන නිසා ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවකි.

සමාජ විද්‍යාවක පර්යේෂණ සිදු කරන ආකාරය පහත දැක්වේ.

  1. ගැලුවක් හදුනා ගැනීම.
  2. උපකල්පන රැස් කිරීම
  3. උපකල්පන වලට අදාළ තොරතුරු රැස් කිරීම.
  4. තොරතුරු විශ්ලේෂණය කිරීම. 
  5. විශ්ලේෂණය මගින් නිගමන වලට එළඹීම. 
  6. නිගමන ආරම්භ කිරීම. 


Create by-:H.M. Kaveen Neranjan

No comments:

Post a Comment

Blogger Widgets