Wednesday, June 4, 2014

ආර්ථීක විද්‍යාවේ පදනම


Add caption

ආර්ථික විද්‍යාව හැදෑරිය යුත්තේ ඇයි?

  • ආර්ථික විද්‍යා‍වේ අදහස් සමාජය මත ප්‍රබල බලපෑමක් ඇති කරයි.නුතන රාජ්‍ය පාලනයට අවශ්‍ය වේ. 
  • සාර්ථක පුරවැසියෙකු ලෙස සමාජිය තුළ කටයුතු කිරිමට. 
  • බුද්ධිමත් ඡන්ද දායකු විමට. 
  • විශ්ලේෂනාත්මක නිපුනතාවය හා තාර්කික සිතිමේ හැකියාව වර්ධනයට.

ආර්ථික විද්‍යාව තුළ අන්තර් ගත වු ප්‍රධාන කරුණු 2ක් අවධානය කෙරේ. 



  1. යථානුරූපී ආර්ථික විද්‍යාව හා අභිමතානුරූපි ආර්ථික විද්‍යාව.
  2. සූක්ෂම ආර්ථික විශ්ලේෂණය හා සාර්ව ආර්ථික විද්‍යාව.


  යථානුරූපී ආර්ථික විද්‍යාව හා අභිමතානුරූපි ආර්ථික විද්‍යාව.


   1.යථානුරූපි ආර්ථික විද්‍යාව යනු,

 කුමක්ද? කුමක් වූවේද?කුමකු වනු ඇත්ද? යන ගැටලු සදහා පිළිතුරු ලබා දීමට යොමු වූ ප්‍රකාශ වේ.   
උදා-  
  • අධ්‍යාපන මට්ටම හා ආදායම අතර අනුලෝම සම්බන්ධතාවයක් පවතී.
  • ආදායම හා පරිභෝජනය අතර අනුලෝම සම්බන්ධතාවයක් පවතී.
         මෙම ප්‍රකාශ හරි හෝ වැරදි විය හැක.එබදු  ප්‍රකාශ වල නිවැරදිතාවය සැබෑ ලෝකයේ දක්නට ලැබෙන තොරතුරු සහ දත්ත මගින් පරික්ෂා කර දැකිය හැක.

   2.අභිමතානුරූපී ආර්ථික විද්‍යාව යනු,

                 ආර්ථික ගැටලුවක් විසදිය යුතු වඩාත්ම සුදුසු ආකාරය සමාජ සුභ සාධනයට හිතකර ආකාරය පැහැදිලි කිරීම සුභසාධන ආර්ථික විද්‍යාව නොහොත් අභිමතානුරූපි ආර්ථික විද්‍යාව ලෙස හදුන්වයි.

                                                                                                                                                                                                                                                                                                                               සූක්ෂමආර්ථික විද්‍යාව (Microeconomics) සහ සාර්ව ආර්ථික විද්‍යාව(Macroeconomics) 



සූක්ෂම ආර්ථික විද්‍යාව (Microeconomics) යනු,
                 ආර්ථික පද්ධතියක් තුළ සිටින පාරිභෝගිකයන්,ශ්‍රමිකයින්, නිෂ්පාදන ආයතන හා රජය තීරණ ගන්නා විවිධ ඒකකයන්හි හැසිරිම විග්‍රහ කිරිමයි.
               එකී ඒකක විකල්ප හමුවේ තේරීම් කරන ආකාරයත්, එම තේරීම් නිසා ඇතිවන ප්‍රතිඵලත් මෙහිදි විශ්ලේෂනය කෙරේ.වෙළඳපොළ,නිෂ්පාදන ආයතන හා කුටුම්භ යන ඒකකයන්හි මෙහිදි ප්‍රධාන වශයෙන් අවධානයට පාත්‍ර වේ.
          

සාර්ව ආර්ථික විද්‍යාව (Macroeconomics) යනු,
          කිසියම් විග්‍රහ කිරිම ආර්ථික පද්ධතියක් සමස්තයක් වශයෙන් ගෙන එහි ව්‍යුහාංගය සාධනය හා හැසිරිම පිළිබඳව, විශ්ලේෂනය කිරිම සාර්ව ආර්ථික විද්‍යාව වශයෙන් හදුන්වනු ලබයි.
  • ආර්ථිකයේ උත්පාතයන් හා අවපාතයන්
  •  විරැකියා මට්ටම්
  •  ගෙවුම් ශේෂය
  • විනිමය අනුපාතිකය
  •  උද්දමනය 
යනාදිය සාර්ව ආර්ථික විශ්ලේෂනය සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගන්නා මාතෘකාය.

ආර්ථික විද්‍යාව සාමාජිය විද්‍යාවක් බවට හදුනා ගැනීම.


                     ආර්ථික විද්‍යාව විග්‍රහ වන්නේ සාමාජිය විද්‍යාවක් ලෙසයි.යහපත් ජිවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය කරන භෞතික වුවමනා සපුරා ගැනීම වස් පුද්ගලයන් සහ සමාජය ක්‍රියාත්මක වන ආකාරය,ආර්ථික විද්‍යා විෂය තුළ අවධානයට පාත්‍ර වන ප්‍රධාන කරුණුය.
එමගින් සාමාජය තුළ 
            කුමක් නිෂ්පාදනය කළ යුතුද ? 
            කේසේ නිෂ්පාදනය කළ යුතුද ? 
            කා සඳහා එම නිෂ්පාදන කළ යුතුද ? 
යන සාමාජීය තේරිම් ආශ්‍රිතමිනිස් හැසිරිම් විග්‍රහ කරයි.
                  එමෙන්ම මෙය විද්‍යාවක් ලෙසද සලකයි.මිනිස් හැසිරීම් විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ විග්‍රහ කරන බැවින් මෙය විද්‍යාවක් ලෙසද සැලකේ.එබැවින් ආර්ථික විද්‍යාත්මක පදනමක් සහිත සමාජීය විද්‍යාවක් ලෙසට හදුනා ගැනේ. 
            ආර්ථික විද්‍යාවේ න්‍යායන්, කල්පිතයන් ගොඩ නගනුයේ අප සමාජයේ මුහුන දෙන්නා වු සහ නීරීක්ෂණය කරන්නා වු සිද්ධි අවබෝධ කර ගැනීමටය.එහෙත් ස්වාභාවික විද්‍යාවන්ගේ න්‍යායන් පරික්ෂා කරන්නේ පාලනය කරන ලද රසායනාගාර තත්ත්වන් තුළයි.නමුත්ආර්ථික විද්‍යාවේ එවැනි පාලනය කරන ලද තත්ත්වයන් තුළ න්‍යයන් පරික්ෂාකිරීමක් සිදු කළ නොහැකිය.


Create by-:H.M.Kaveen Neranjan

No comments:

Post a Comment

Blogger Widgets