Sunday, June 1, 2014

සම්පත්

සම්පත්

නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නා සියලුම යෙදවුම් නිෂ්පාදන සම්පත් වශයෙන් හැඳින්විය හැකිය.

නිෂ්පාදන සම්පත් ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත් ලෙසට වර්ග කෙරේ.




ආර්ථික සම්පත්

       අසීමිත වුවමනාවන්ට සාපේක්ෂ සැපයුම සීමාසහිත හෝ හිඟ සම්පත් ආර්ථික සම්පත් ලෙස සැලෙකේ.ආර්ථිකසම්පත් වල මූලික ලක්ෂනයක් වන්නේ හිඟකමයි.මේ අනුව නිෂ්පාදන සම්පත් අතුරෙන් සීමා සහිත සැපයුමක් ඇති සම්පත් ආර්ථික සම්පත් හෙවත් හිඟ සම්පත් වශයෙන් හදුන්වනු ලැබේ.
       ආර්ථික සම්පත් සඳහා මිලක් ද පවත්න අතර විකල්ප ප්‍රයෝජන ද ඇත. මේ නිසාම ආවස්ථික පිරිවැයක් දක්නට ලැබේ.කවර සමාජයක වුව ද යම් දෙන ලද අවස්ථාවක අසීමිත මිනිස් වුවමනා සපුරා ගැනීමට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරිමෙහිලා යොදා ගත හැකි ආර්ථික සම්භාරය සීමා සහිත වේ.



ආර්ථික පද්ධති වල ලක්ෂන:-


  • ආර්ථික සම්පත් සිමා සහිතයි/අසීමිත ලෙස ලැබි නොමැත.
  • වුවමනාවන්ට සාපේක්ෂව ආර්ථික සම්පත් හිඟයැයි ප්‍රකාශ කෙරේ.
  • ආර්ථික සම්පත් විකල්ප ප්‍රයෝජනවල යෙදවීමට පුළුවන, එබැවින් ආවස්ථික පිරිවැයක් පවතී.




ආර්ථික නොවන සම්පත්.


සැපයුම අසීමිත සම්පත් නොමිල සම්පත් වශයෙන් හැඳින් වේ.ශුන්‍ය මිළකදි වුවද ඒවායේ සැපයුම අසීමිතව පවතී.ආවස්ථික පිරිවැයක් දක්නට නොමැත.




නිෂ්පාදන සම්පත් ප්‍රධාන ප්‍රභේද හතරට වෙන් කළ හැකිය.

 1. භූමිය

 2.ශ්‍රමය

3. ප්‍රාග්ධනය

4.ව්‍යවසායකත්වය

නිෂ්පාදන සම්පත් දේපොළ සම්පත් සහ ප්‍රාග්ධන සමපත් ලෙස වර්ගිකරණය කිරිම.

o දේපොළ සම්පත්
o ස්වභාවික සම්පත්
o ප්‍රාග්ධන සම්පත්
o මානව සම්පත් : ශ්‍රමය සහ ව්‍යවසායකත්වය
සම්පත් සම්භාරය.

             කොතරම් භණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිපදවා ගැනීමට ශක්තියක් ආර්ථිකය සතුව පවතිද?යන්න තීරණය වන්නේ ආර්ථිකය සතු සම්පත් සම්භාරය මතයි.එමෙන්ම රටක නිෂ්පාදන හැකියාවල නිෂ්පාදන ධාරිතාව හෙවත් විභව නිමැවුම තීරණය වන්නේ ද සම්පත් සම්භාරය මඟින්ය.



සම්පත් සම්භාරයේ මූලිකාංග දෙකකින් සමන්විත වෙයි.

    1.නිෂ්පාදන සාධක හා සේවා ප්‍රමාණය.

     2.සාධක වල ඵලධායිතාවය.



භුමිය.

               නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගත හැකි ස්වභාව ධර්මයේ දයාද වශයෙන් මිනිසාට ලැබි ඇති වගා කළ හැකි ඉඩකඩම්ය, වනාන්තර, ඛනිජ ද්‍රව්‍ය, ඛන්ජ නෙල්, ජලය, වාතය, හිරු එළිය වැනි නිෂ්පාදනයට යොදා ගත හැකි සියළුම ස්වාභාවික සම්පත් භුමිය ලෙසට සැලකේ.මේ අනුව පොදුවේ ස්වාභාවික සම්පත් වශයෙන් සැලකෙන සියළුම දෑ භුමිය යන නිෂ්පාදන සාධනය තුළ අන්තර්ගත වේ.


භුමියේ ප්‍රධාන ලක්ෂන:-


  • ස්වභාව ධර්මයේදායාදයක් ලෙස ලැබී තිබිම.ස්වභාවික සධකයක් විම.
  • භුමියේ සැපයුම වෙනස් කළ නොහැකි බව.එනම් සැපයුම අනම්‍ය වේ.එහෙත් ආර්ථික වශයෙන් ප්‍රයෝජනයට ගන්නා භුමියේ සැපයුම වැඩිකළ හැකි වේ.
  • භුමියට සංචලතාවය පිළිබඳ සීමාවක් පවතී.
  • ඵලදායිතාවය වර්ධනය කළ හැකි වීම.
  • භුමියට ගෙවන ගාස්තුව බදු කුලිය ලෙසට හදුනා ගැනේ.



            සමහර භුමි සම්පත් නැවත ගොඩ නැංවිය හැකි සම්පත් ලෙසද පවතී.ඇතැම් ස්වභාවික සම්පත් භාවිතයට ගැනීම නිසා විනාශයට පත් නොවේ.ඒවා යළි යළිත් භාවිතයට ගත හැකිය. කරදිය හෝ මිරිදිය මසුන් , ජලය, වනාන්තර මේවාට උදාහරණයි.සාගර මත්‍යය සම්පත් වැනි දෑ වර්ථමානයේ ප්‍රයෝජනයට ගතහැකි සේම අනාගතයේදී ද ප්‍රයෝජනයට ගත හැකිය.මෙවැනි සම්පත් සජීවි සම්පත් වේ.ස්වභාව ධර්මයෙන් ලැබී ඇති ඇතැම් නිෂ්පාදන සම්පත් භාවිතයත් සමග ක්ෂය වී යනු ලැබේ.ඒවා ප්‍රතිෂ්ඪාපනය කළ නොහැකි සම්පත් ලෙස හඳුන්වනු ලැබේ.

            උදාහරනයක් වශයෙන් ඛනිජ තෙල්,ගල් අගුරූ,යපස්,රත්තරං,කොපර් වැනි සමිපත් නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගත් විට ඒවායේ ප්‍රමාණය අඩුවී යයි.සමහරවිට ප්‍රයෝජනයට ගැනිමත් සමග අවසන් වේ.ඒවා නැවත ගොඩනැංවිය නොහැකි භූමි සමිපත්ය.ප්‍රතිසම්පාදනය කළ නොහැකිය.
             ප්‍රතිෂ්ඨාපනය කළ හැකි සම්පත් සජීවි සම්පත් වන අතර ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි සම්පත් අජීවි සම්පත් වේ.



ස්වාභාවික සමිපත් සැපයුමි වෙනස්වීමට බලපාන සාධක


  • සමිපත් ක්ෂයවීම-ඛනිජ තෙල් නිධි,මැණික් නිධි ආදිය පාවිචිච්යත් සමග ක්ෂය වේ.එමෙන්ම පරිසරය දුෂණය නිසාද සමිපත් වල ක්ෂය වීමක් හට ගනී.
  •  නව සමිපත් සොයා ගැනීම-නව සමිපත් නිධියක් සොයාගැනීම නිසා සැපයුම වැඩිවේ.
  • ස්වාභාවික සමිපත් මනා ලෙස කළමනාකරනය කිරිමේ වැදගත්කම.(පළමු ප්‍රශ්නය ලියන සිසුන් සඳහා වැදගත් වේ.


ශ්‍රමය.

භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සදහා යොදා ගැනෙන කායික හා මානසික සම්පත් ශ්‍රමය ලෙස සැලකේ.ගොවියන්,කර්මන්ත ශාලාවක සේවකයින්,කය වෙහෙසයි.ලිපිකරුවා ගුරුවරුන් මනස වෙහෙසවයි.




මානව සමිපත්වල ප්‍රමාණය තිරනය කිරිම කෙරෙහි බලපාන සාධක


  • ජනගහනයේ ප්‍රමාණය-උපන් අනුපාතිකය මරන අනුපාතිකය සහ ශුද්ධ සංක්‍රමන මත තිරනය වේ.
  • ජනගහනයේ සෞඛ්‍ය තත්ත්වය.
  • ජනගහනයේ කාය ශක්තිය.
  • ජනගහනයේ අධ්‍යාපනය
  • ජනගහනයේ නිපුණතාවන්

ශ්‍රම සැපයුම

     යම් කාලපරිචිජේදයක් තුළ භණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරිම සඳහා නියුක්ත වු ශ්‍රම පැය ගණන ශ්‍රම සැපයුම වේ.


ශ්‍රම සැපයුම තිරනය කරන සාධක


  • ශ්‍රම බලකාය
  • වැටුප් මට්ටම


ශ්‍රමයට අවේනික ලකෂණ



  • සංචලනය කළහැකි නිෂ්පාදන සාධකයකි.
  • සජීවි නිෂ්පාදන සාධකයකි.
  •  අන් අයට පැවැරිය නොහැකි සමජාතිය නොවන නිෂ්පාදන සාධකයකි.
  •  ශ්‍රමයේ ඵලදායිතාවය වර්ධනය කල හැකි වේද ශ්‍රම ඵලදායිතාවය තාක්ෂණය සහ මානව ප්‍රාග්ධනය මත තීරණය වේ
  • ශ්‍රමයට කරනු ලබන ගෙවීම් වැටුප් වේ.


ශ්‍රම විභාජනය


        කිසියම් භාණ්ඩයක් නිපදවිමේදී එහි එක් එක් කොටස් විවිධ ශ්‍රමිකයන් අතින් නිපදවිමේ ක්‍රියාවලියයි.කිසියම් භාණ්ඩයක නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ශ්‍රමය විශේෂ ප්‍රාගුණ්‍යය කිරීම මින් අදහස් වේ.මෙහිදි සිදුවන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ විවිධ කාර්යභාරයන් සඳහා විවිධ ශ්‍රමිකයින් අනුයුක්ත කිරිමකි.තමන්ට අනුයුක්ත කල හෝ පැවැරූ හෝ වෙන් වු කර්යය කෙරෙහි පමණක් ශ්‍රමිකයා නිරත වේ.
      ශ්‍රමිකයා එකම නිෂ්පාදන ක්‍රියාවලියක නියලීමෙන් ඔහුට එම  නිෂ්පාදන ක්‍රියාවලිය පිලිබදව ලැබෙන විශේෂ දක්ෂතාවය,කුසලතාවය,නිපුනතාව නැතහොත් ඒ පිළිබඳ ශ්‍රමිකයා තුළ ඇතිවන විශේෂ හැකියාවයි.එය විශ්ෂිකරණය ලෙසට හදුනා ගැනේ.මෙය ශ්‍රමය විශේෂ ප්‍රාගුණ්‍යය කිරිමේ ප්‍රතිඵලයකි.
          අතීතයේ දී භාණ්ඩයක් නිපදවීමේ දී එහි සියලු නිෂ්පාදන ක්‍රියාකාරකම් එක් ශ්‍රමිකයකු අතින් සිදු වේ.නමුත් වර්තමනයේ දී කිසියම් භාණ්ඩයක් නිපදවිමේ දී එහි එක් එක් කොටස් විවිධ ශ්‍රමිකයන් අතින් නිපදවිමේ ක්‍රියාවලිය ශ්‍රම විභාජනය ලෙස සැලකේ.




මෙමගින් අතිවන වාසි


  • නිෂ්පදනය වේගවත් වීම(ධරිතාව විශාලවීම)/නිෂ්පදනය උහල යාමක්.
  • නිෂ්පාදන පිරිවැය අවම වීම/ඒකක පිරිවැය අඩු විම.
  • වෙළෙඳපොළ ප්‍රසාරණය විම.
  • අතිරික්ත නිෂ්පාදනය මගින් අන්තර්ජාතික වෙළෙඳාමකට මගපෑදිම.
  • විශේෂකරණය වර්ධනය වීම.මෙය නූතන ආර්ථික විද්‍යාවේ දී මානව ප්‍රාග්ධනය ලෙස හැදින්වේ.


නිෂ්පාදනය පිරිවැය අඩු කිරිමට සහ තරගකාරිත්වය ඉහළ නැංවිමට ශ්‍රම විභාජනය බලපෑ හැකි ආකාරය

           කිසියමි ශ්‍රමිකයෙකු එක් කාර්යයක් විශේෂ ප්‍රාගුන්‍යය කිරිම නිසා කාලයත් සමග ඒ කාර්යය වඩා කාර්යක්ෂමව කිරීමේ නිපුනතාවය ලබාගනියි.එමගින් නිෂ්පාදන ආයතන ශ්‍රමිකයෙකුගේ ඵලදායීතාවය ඉහළ නැංවිමටත් නිමැවුම් වැඩිකර ගැනීමටත් සමත් වේ.විශේෂ ප්‍රගුණ්‍යය තුළින් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ඵලදාව ඉහළ නැංවන සුවිශේෂී නිෂ්පාදන උපකරණ හා මෙවලම් හදුන්වාදීමේ හැකියාව ලැබේන ශ්‍රම විභාජනය නව්‍යතාවයන් දිරිමත් කරයි.ශ්‍රමිකයෙකු කිසියම් කාර්යක් දිගින් දිගටම කිරිම නිසා එය වඩාත් සාර්ථකව ඉටුකල හැකි නව මඟක් හඳුනා ගැනීමට පෙළබේ.
           නිෂ්පාදන ක්‍රියාවලියේ විවිධ කාර්යයභාරයන් අතර මරුවිමට සිදු නොවන බැවින් ශ්‍රමිකයාගේ කාලය අනවශ්‍ය ලෙස වැය නොවේ. ශ්‍රමිකයන්ගේ දක්ෂතාවන් හඳුනාගෙන ඔවුන්ට අනුරූපි කාර්යයන් සඳහා ශ්‍රමිකයන් අනුයුක්ත කිරිමටත් එමගින් කාර්යක්ෂමතාව වැඩිකර ගැනීමටත් නිෂ්පාදකයාට ඉඩ සැළසේ.ශ්‍රමිකයින් පුහුණු කරවිමේ වැඩටහන් සැකසිම හා ක්‍රියාත්මක කිරිම ආයතනයට විශාල පහසුවකි.(ඒ ඒ කාර්යයට සුවිශේෂ වැඩසටහන් සැකසිය යුතුය.)


ශ්‍රම විශේෂිකරනයේ අවාසි



  • ඒකාකාරීභාවය.
  • ශාරීරික හා මානසික දුබලතා
  • වෙනත් රැකියාවකට මාරැවිමේ අසීරෑතාවය.
  • කුසලතා වර්ධනයට අවස්ථාව නොලැබීම.
  • වගකීමි නොසලකා හැරීම.
  • සම්පූර්ණයෙන්ම භාණ්ඩය හෝ සේවාව පිළිබඳව වැටහිමක් නොමැත.
  • ශ්‍රමිකයා ප්‍රාග්ධනයට වහල් වීම.
  • ලෝක ආර්ථිකය මත රඳා පැවතීම.



මානව ප්‍රාග්ධනය යනු ශ්‍රමිකයා සතු දැනුම,පළපුරැද්ද සහ කුසලතාවයි.ශ්‍රමිකයින් ඉලක්ක කරගත් පුහුණු වැඩසටහන් සහ ව්‍යාපෘතීන් මගින් මෙන්ම ඔවුන් ඉලක්ක කරගත් ආයෝජන තුලින් මානව ප්‍රාග්ධනය බිහිවේ. 



රටක මානව ප්‍රාග්ධනය වර්ධනය තුළින්


  • ශ්‍රම ඵලදායිතාව ඉහළ යනු ඇත.
  • ශ්‍රමිකයාට ප්‍රාග්ධනය ආධාරක භාවිතය පිළිබඳව හොඳ නිපුනතාවක් ඇති වේ.





ප්‍රාග්ධනය.


            භාණ්ඩ සහ නිෂ්පාදන ක්‍රියාවලියට අධාර කර ගැනිම සඳහා මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදක ආධාරක ප්‍රාග්ධනය ලෙසට හදුනා ගැනේ.

නිෂ්පාදන ආධාරක යනු මුලික නිෂ්පාදනයට ආධාර කරන නිෂ්පාදනයේදී ක්ෂයවීමට ලක්වන වත්කම් වේ. 
        උදාහරණයක් ලෙස මෙම පංතිකාමරය තුළ ඇති මයික්‍රො‍ෆෝනය,ශබිද විකාෂන යනත්‍රය,ටියුබි ලයිට්,ඩෙස් බංකු, කලු ලෑල්ල ආදිය ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා යොදාගන්නා නිෂ්පාදන ආධාරක ලෙස සැලකේ.එබැවින් ප්‍රාග්ධනය යන්නට ගැනෙනුයේ යන්ත්‍ර සුත්‍ර සහ උපකරණ කම්හල්,ගොඩනැගිලි,යන්ත්‍රෝපකරණ,වරාය,මහාමාර්ග වැනි මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදක සාධක රටක ප්‍රාග්ධන සම්භාරයට ඇතුලත් වේ.ප්‍රාග්ධන උපකරණ වල විවිධත්වය හා ඒවා භාවිතා කෙරෙන ආකාරය ඒ ඒ සමාජයන්හි පවත්නා තාක්ෂණික මට්ටම මත නීර්නය වේ.

            අනිත් අතට තාක්ෂණ මට්ටමේ තීරණය වනුයේ ඒ ඒ රටේ පවත්නා වාද්‍යාත්මක හා තාක්ෂනික දැනුමේ ප්‍රමාණයත් ඒ දැනුම සංවර්ධනය කිරිම සඳහා වැය කරන සම්පත් ප්‍රමාණයත් මතය.
          මේ අනුව බලන විට ප්‍රාග්ධන සම්පත් නිරායාසයෙන් බිහිවන නිෂ්පාදන සාධකයක් නොවන බව පෙනේ.එය මිනිසා විසින් නිෂ්පාදන කල යුතු වේ.ඒ සඳහා මිනිසාට ප්‍රයත්නයන් දැරීමට සිදුවේ.එලෙස ප්‍රයත්නයන් දරා ප්‍රාග්ධන උපකරණ නිෂ්පාදනය කිරීමේන් නිෂ්පාදකයාට වාසි සැලසේ.

          ප්‍රාග්ධන උපකරණ යොදාගෙන නිෂ්පාදනය නිරත විට ප්‍රාග්ධන උපකරණ රහිතව නිෂ්පාදනය කරනවාට වඩා විශාල ඒකක ප්‍රමාණයක් නිෂ්පාදනය කල හැකිවේ.

        ප්‍රාග්ධනයට අයත්වන්නේ ගොඩනැගිලි,යන්ත්‍ර,මහාමාර්ග, වැනි මුර්ත වත්කම් ය.ඉතුරුම්,ස්ථාවර තැන්පතු කොටස් මිලදි ගැනිම් වැනි දෑ මුල්‍ය වත්කම් නොවේ.නමුත් අර්ථික විද්‍යාව අධ්‍යයනයේදී ප්‍රාග්ධනය යන්නට අන්තර්ගත කරනුයේ මුල්‍ය වත්කම් නොව මුර්ත ප්‍රාග්ධන වත්කම්ය.ඒ අනුව මුදල් ප්‍රාග්ධනයේ කොටස් ලෙස නොසැළකේ.මුදල් අර්ථික සම්පතක් හෝ නිෂ්පාදන භාණ්ඩයක් හෝ නොවේ.මුදල් යෙදවුමක් ලෙස භාවිතා කරමින් භාණ්ඩ නිෂ්පාදනය කලනොහැක.එහෙත් මුල්‍ය ප්‍රාග්ධනය භාවිතා කොට මුර්ත ප්‍රාග්ධනය හිමි කරගත හැකිය. 
           ප්‍රාග්ධනය යනු මිනිස් නිර්මාණයේ ප්‍රතිඵලයකි.
      උදාහරනයක් ලෙස මිනිසුන් තම ආදායම් වලින් කොටසක් පාරිභෝජනය කර තව කොටසක් ඉතිරි කරමින් යන්ත්‍රසුත්‍ර මිලදී ගන්නේ යැයි සිතමු.එවිට ප්‍රාග්ධනය බිහිවේ.ප්‍රාග්ධනයේ ආවස්ථික පිරිවැය යනු වර්තමාන පාරිභෝජනයයි.

ප්‍රාග්ධනයට ආවේනික ලක්ෂණ


  • මිනිසා විසින් නිර්මාණය කරන ලද සාධකයක් විම.
  • ඵලදායිතාවයකින් යුක්ත විම.
  • නැවත නැවත නිෂ්පාදනයට යොදා ගැනිමට හැකිවිම.
  • ක්ෂයවීමට භාජනය විම.
  • ප්‍රාග්ධනයට කරන ගෙවීම පොළිය ලෙස සැළකේ.‍





ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප

1.මුර්ත ප්‍රාග්ධනය/ස්ථාවර ප්‍රාග්ධන වත්කම්.

     ස්ථාවර ප්‍රාග්ධනය යනු කර්මාන්තශාලා,උපකරණ,ගබඩා වැනි කල්පවත්නා ප්‍රාග්ධන වත්කම් වන අතර එවා භාවිතයට යොදා ගන්නා ජිවිත කාලය මුලුල්ලේම ප්‍රතිලාභ ප්‍රමාණයක් හිමිකරුට ලබාගත හැකිය.

2.කාරක ප්‍රාග්ධනය


    කාරක ප්‍රාග්ධනය යනු නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනෙන


  • අමුද්‍රව්‍ය තොග 
  • අර්ධ නිමි ද්‍රව්‍ය තොග 
  • නිෂ්පාදන ක්‍රියාවලිය තුළ නිෂ්පාදනය වෙමින් පවත්නා සියලුම භාණ්ඩ බෙදාහැරීම සඳහ ගබඩාවල සුදානම් කොට ඇති නිමි භාණ්ඩ 
තොග යන ආදිය.

ස්වාභාවික ප්‍රාග්ධනය යනු:-

         ස්වභාවික සම්පත් ස්වභාවික ප්‍රාග්ධනය ලෙස සැලකේ.මේ අනුව භුමිය වැනි ස්වභාවික සම්පත්වල ඵලදායිතාවය ආරකෂා කිරීමට හා ඉහළ නැංවිමට කරනු ලබන ආයෝජනයන්ද ප්‍රාග්ධන කොටස් වශයෙන් සැළකිය හැකිය.
උදාහරණයක් වශයෙන් වාරි මාර්ග ඉදි කිරීම, ඉඩම් සංවර්ධනය කිරීම වැනි කටයුතු දැක්විය හැකිය. ඕනෑම ආර්ථිකයක සමස්ත ප්‍රාග්ධන තොගයට ඉතා වැදගත් කාර්යභාරයක් පවතී.




ව්‍යවසායකත්වය


           භාණ්ඩයක් නිපදවීම පිළිබඳ ආදාල තීරණය ගැනීමත් නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීමත් ඒවා මෙහෙය වීමත් ව්‍යවසායකත්වය වේ.ශ්‍රමයෙන් වෙන් කොට දැක්විය හැකි සුවිශේෂි මානව සම්පත් විශේෂයක් ලෙස ව්‍යවසායකත්වය හදුන්වා දිය හැකිය.


ව්‍යවසායකයා ඉටු කරන කාර්යභාර්යන් වන්නේ,


  •  භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය වැනි අනිකුත් නිෂ්පාදන සම්පත් මිශ්‍ර කරමින් කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක සංවිධානය දරයි.
  • ව්‍යාපාර ප්‍රතිපත්තිය පිළිබඳ මූලික තීරණය ගනී.
  • ව්‍යාපාරයක මූලික ප්‍රතිපත්තිමය තීරණය ගැනීමටද ව්‍යවසායකයාට සිදු වේ.මේවා එදිනෙදා ව්‍යාපාරික තීරණ නොව ව්‍යාපාරයේ මූලික ගමන් මඟ පිළිබඳ ගනු ලබන ප්‍රතිපන්තිමය තීරණයන්ය.





ව්‍යවසායකයා නිසා ආර්ථියකට ඇති විය හැකි වාසි.


  • නිෂ්පාදිතයේ අවධානම් දැරීම ව්‍යවසායකයා විසින් සිදු කරන නිසා ආර්ථික භාණ්ඩ හා සේවා නිෂ්පාදන කිරීමට මඟ පෑදිමක් සිදු කිරීම.
  • නව්‍යතා නිසා නව භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් සිදු වේ.මෙලෙසින් නිෂ්පාදනයේ ගුණාත්මක භාවය හා නිෂ්පාදන ධාරිතාව වර්ධනය කරනුයේ ව්‍යවසායකත්වය මඟිනි.



ව්‍යවසායකත්වය හා කළමණාකාරිත්වය

      නිෂ්පාදන ක්‍රුයාවලියක සමස්ථ කාර්වක්ෂවතාවය නැංවීමට හැකි වන ආකාරයෙන් සම්පත් උපයෝජනය කිරීම, (භාවිතා කිරීම) සහ මෙහෙය වීම කළමණාකරණය ලෙස සැළකේ.
     ව්‍යවසායකත්වය යනු භාණ්ඩයක් නිපදවීම පිළිබඳව තීරණය ගැනීමත් නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීමත් ඒවා මෙහෙය වීමත් ව්‍යවසායකත්වය වේ.

            ව්‍යවසායකයා සහ කළමණාකරු අතර වෙනසක් පවතී.
ව්‍යවසායකයා යනු සමස්ථ ව්‍යාපාරය පිළිබඳව වගකීම් දරන්නාය/(අවධානම් දරන්නාය).සමස්ථ ව්‍යාපාර අරභයා තීරණය ගනු ලබන්නේ මොහු විසිනි.
කළමණාකරු යනු ව්‍යාපාරය තුළ තීරණය ගනු ලබන්නාය.ශ්‍රමය හැසිරවීම, මූල්‍ය කළමණාකරනය, භාණ්ඩ ප්‍රමිතිය, බෙදා හැරීම, ඔහුගේ වගකීම් වේ.කළමණාකරු වැටුප් ලබයි.ව්‍යවසායකයා ලාභ ලබයි.
                ඒ අනුව ව්‍යවසායකත්වය සහ කළමණාකරණය යනු එකිනෙක සමාන අර්ථයෙන් භාවිතා නොවන්නකි.සරලව ප්‍රකාශ කළ හොත් සමස්ථ නිෂ්පාදනයේ හිමිකරුවන් ව්‍යවසායකයන් ලෙස සැළකෙන අතර ඔවුන් යනුවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙය වනිනේ කළමණාකරැවන් ලෙස සැලකේ.

ව්‍යවසායකත්වයේ ලක්ෂණ:-


  • මානව සාධකයක් වීම.
  • ව්‍යාපාරය ආරම්භක ශක්තිය වීම.
  • ව්‍යවසායකයා සතුව අභියෝග වලට මුහුණ දීමේ හැකියාවක් ඇත.
  • ව්‍යවසායකයා සතුව නායකත්ව ගුණාංග පවතී.
  • ව්‍යවසායකයා සතුව ආත්ම විශ්වාසයක් ඇත.



පූර්ණ සේවා නියුක්තිය.

         පූර්ණ සේවා නියුක්තිය යන්නේන් අදහස් කරන්නේ වර්තමාන නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට හැකියාවක් ඇති සියලුම සම්පත් නිෂ්පාදනය සඳහා උපයෝජනය කිරීමයි.පවත්නා සියලුම සම්පත් ලෙස අදහස් නොකොට වර්තමාන නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට හැකියාවක් ඇති සියල්ම යැයි මෙහිදි විශේෂයෙන් ම සඳහන් කරන ලද්දේ චිරස්ථායී සංවර්ධන ප්‍රවේශයක් ඔස්සේ ආර්ථිකය සතු සම්පත් උපයෝජනය කිරීමේ වැදගත්කම අවධාණය කරනු පිණිසය.
            සරල වශයෙන් මින් අදහස් කරන්නේ අනාගත පරම්පරාවට සම්පත් අහිමි නොවන ආකාරයට පවත්නා සම්පත් උපයෝජනය කළ යුතු බවයි.උදාහරණයක් ලෙසට ධීවර සහ වන සම්පත් භාවිතයෙදී අනාගත පරම්පරාවට සම්පත් අහිමි නොවන ආකාරයට වර්තමානයේ උපයෝජනය කිරීම වැදගත්ය.එහෙත් සියලුම සම්පත් පූර්ණ සේවා නියුක්තියක් ලබා නොදෙන අයුරින් භාවිත් කීරිම හෙවත් උපරිම හැකියාවට වඩා අඩුවෙන් නිෂ්පාවනයට දායක වීම ඌන සේවා නියුක්තිය වශයෙන් හදුන්වනු ලැබේ.


පූර්ණ නිෂ්පාදනය.

        පූර්ණ නිෂ්පාදනයක් අත් කර ගන්නා ආකාරයට සම්පත් භාවිතා කළ යුතුය යන්නෙන් අදහස් වන්නේ නිෂ්පාදනයට යොදා ගන්නා සෑම නිෂ්පාදන සාධකයක්ම සමාජයේ භෞතික අවශ්‍යතා සපුරාලීම සඳහා උපරිම දායකත්වයක් සැපයිය යුතුය යන්නයි. පූර්ණ නිෂ්පාදනයක් අත් කර ගැනීම සඳහා කර්යක්ෂමතාවන් දෙකක් සාක්ෂාත් කර ගත යුතු වේ.

1. නිෂ්පාදන කාර්යක්ෂමතාවය.

2.සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය.


1.නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය


           නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව යන්නේන අදහස් කරනුයේ මුලු නිමැවුමට උපරිම දායකත්වය ලැබෙන ආකාරයට සම්පත් උපයෝජනය කිරීමයි.මේ සඳහා ක්‍රම දෙකක් අනුගමනය කළ හැකිය.


  • දෙන ලද සමම්පත් ප්‍රමාණයකින් ලබා ගත හැකි උපරිම නිමැවුම් ප්‍රමාණය ලැබෙන ආකාරයට සම්පත් භාවිතා කිරීම 
  • සෑම භාණ්ඩයක් හා සේවාවක්ම අවම සම්පත් පිරිවැයකින් (අවම ඒකක පිරිවැයක් යටතේ ) නිෂ්පාදනය කරනු ලැබීමයි.
නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව සඳහා කොන්දේසි දෙකක් ඉටු විය යුතුය.



  • පූර්ණ සේවා නියුක්තිය.
  • පූර්ණ නිෂ්පාදනය.




සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව.

         සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව යන්නේන් අදහස් කරන්නේ සමාජයට වඩාත් වුවමනා කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා හිඟ සම්පත් බෙදා වෙන් කර ගත යුතුය යන්නයි.



ආර්ථික කාර්යක්ෂමතාව.

          සමාජයේ පුරවැසියන්ගෙ වුවමනා සසුරාලීම සඳහා ආර්ථිකයේ සීමිත සම්පත් කාර්යක්ෂමව උපයෝජනය කිරීම ආර්ථික කාර්යක්ෂමතාවය ලෙස සැලකේ.මේ සඳහා කාර්යක්ෂමතාවයන් දෙකක් එකවර ඉටු විය යුතුය.එනම් නිස්පාදනයේ සහ බෙදා හැරීමේ කාර්යක්ෂමතාවන් එක විට ඉටු වන තත්වයක් ආර්ථික කාර්යක්ෂමතාවය ලෙස සැලකේ.




ආයෝජන යනු,

              ආයෝජන යනුවෙන් අදහස් කරන්යේ පවත්නා ප්‍රාග්ධන තොගයට අලුතින් කරණු ටබන එකතු කිරීම්ය.මෙය දළ ආයෝජන ලෙස සමාන්‍යෙයන් හදුනා ගැනේ.
ශ්‍රම සම්පත්වල ආයෝජනය කිරීම අනාගත ආයෝජනයක් ලෙස සළකා මානව ප්‍රාග්ධනයක් යන සංකල්පය දියුණු කර ඇත.මානව ප්‍රාග්ධනයෙන් අදහස් වන්නේ කුසලතාවලින් පිරිපුන් තාක්ෂණික දැනුමෙන් ඉහළ ශ්‍රමයයි.එබැවින් මානව ප්‍රාග්ධනය ආයෝජන ලෙසට සැළකිය හැක්කේ,

1 .ශ්‍රමිකයාගේ නිපුණතා වර්ධනය සඳහා කරණු ලබන වියදම් (       අධ්‍යාපනය සහ වෘත්තිය පුහුණුව)

2 .ශ්‍රමිකයන්ගේ තාක්ෂණික දැනුම ඉහළ නැංවීමට කරන වියදම් (විද්‍යාව හා තාක්ෂණ අංශයට කරන වියදම්)
3. නව නිපැවුම් සොයා ගැනීමට හා ශ්‍රමයේ කුසලතා වර්ධනය වීම යනුවෙන් කරණු ලබන සමීක්ෂණ සහ සංවර්ධන වියදම්.
4 .දැනුම් අංශය ගොඩකුංවීම වෙනුවෙන්

No comments:

Post a Comment

Blogger Widgets