Wednesday, June 4, 2014

අවශ්‍යතා සහා වුවමනා




අවශ්‍යතා සහා වුවමනා

මිනිස් වුවමනාවල දක්නට ලැබෙන මුලික ලක්ෂණ කිහිපයකි.

  • මිනිස් වුවමනා විවිධ සහ විෂම විම.
  • මිනිස් වුවමනාවල පවත්නා අවේණික හා අනුපුරක බව.
              මිනිස් වුවමනා වලින් සමහරක් උපතේ සිට ආරම්භ වේ. මෙය ආවේණකබවයි) (එක් වුවමනාවක් ඉටුකරගත් පසු එයට සමිබන්ධිත තවත් වුවමනාවල්රාශියක් ඇතිවිම අනුපුරක බව ලෙසට සැලකේ.

අවශ්‍යතා සහා වුවමනා

           මිනිසාගේ ඇතැම් වුවමනා මුලික ජිව විද්‍යත්මක අවශ්‍යතා සපුරා ගැනිමේ අවශ්‍යතා තුළින් පැන නගී.
උදාහරණයක් වශයෙන් ආහාර ,වස්ත්‍ර, වාසස්ථාන වන ආදිය දැක්විය හැක.

          ජිවත්විම සදහා අවශ්‍ය කරන මෙම මූලික දෑ ඇතැම් විට අවශ්‍යතා යන සංකල්ප‍යෙන්ද හදුන්වනු ලැබේ.
          එබැවින් මිනිස් අවශ්‍යතා යනු මිනිසෙකු වශයෙන් ජීවත්වීමට පුද්ගලයෙක්ට අවශ්‍ය අවම දෑය.
      ජීවත්වීමට අවශ්‍ය අවම දෑ සපුරාගැනීමට එතරම් අසීරු නොවේ. එම අවම දෑ ඇත්තේ සීමිත ප්‍රමාණයකි.අවශ්‍යතා/ අවම දෑ අතරට ගැනෙනුයේ 

භෞතික අවශ්‍යතා                    මානසික අවශ්‍යතාවයන්
*අහාර                                     * ආත්ම අභිමානය
*වාසස්ථාන                             *පවුල හෝ සමාජ කණ්ඩායමක
*රෙදි පිළි                                *ආදරය ලැබිම

            අවශ්‍යතා, ජීව විද්‍යාත්මක මූලයන් සමඟ බැඳි පවත්න අතර වුවමනාවන් සම්ප්‍රධායන්,සිරිත් විරිත් හා සංස්කෘතිය සමඟ බැඳ පවති.එසේම කාලයත් සමඟ වුවමනාවන් වෙනස් විමේ ප්‍රවනතාවයක් ද පවති.නව නිෂ්පාදන බිහි වීමත් සමඟ වුවමනාවන් වර්ධනය වීමක් සිදුවේ.

               බෝහෝ අවස්ථාවල ප්‍රචාරනය තුළින් මිනිස් වුවමනාවන් බිහි කෙරේ.මිනිසුන්ගේ වුවමනාවන් බිහි කෙරේ.මිනිසුන්ගේ වුවමනාවන් සැකසීමට ප්‍රචාරණය ඉවහල් වේ.‘‘යහපත් ජීවිතයක්‘‘ පිළිබද ප්‍රතිරුප,ප්‍රචාරනය තුළින් ගොඩනගනු ලැබේ.
       උදාහරණයක් වශයෙන් නගරාශ්‍රිත ප්‍රදේශයක නිවාසයක් තිබිම,සුබෝපභෝගී මෝටර් රථයක් පැදවිම යහපත් ජීවිතයක අවශ්‍ය අංග වශයෙන් ප්‍රචාරණය තුළින් හුවා දෑක්විය හැකි.

          ඒ මඟින් වුවමනා සැකසේ.මේ අන්දමට සැලකු විට එක්එක් වුවමනා වෙන්ව ගත් විට ,ඒවා පිළිබඳ සීමාවන් තිබුණත් සමස්තයක් වශයෙන් ගත් විට යම් දෙන ලද අවස්ථාවක පුද්ගලයා හා සමාජය සතු වුවමනා ප්‍රමාණයට සීමාවක් නොමැත.ඒවා අසීමිත වේ.

           එසේම යම් දෙන ලද අවස්ථාවක අසංතෘප්ත වු වුවමනාවන් රැසක් පවතී.එබැවින් අසීමිත වුවමනා පිළිබඳ සකඡචා කිරීමේ දී, අප බොහෝ විට අවශ්‍යතා යන සංකල්පය අතර වෙනසක් නොදකින අතර ඒවා සමාන අර්ථ සහිත පද වශයෙන් භාවිතා කෙරේ.

              එහෙත් ඇතැමුන් එම සංකල්ප වෙනස් සංකල්ප ලෙස භාව්තා කරති.වුවමනා යනු අවශ්‍යතා සපුරා ගන්නා මාධ්‍යයන්ය.
         උදාහරණයක් වශයෙන් ජිවිත පවත්වගෙන යාම සඳහා මිනිසුන්ට මූලික අවශ්‍යතා පවති. ආහාර ,වස්ත්‍ර, වාසස්ථාන වැනි අවශ්‍යතාවයන් ය.

          මූලික අවශ්‍යතාවන්ට අතිරේකව මිනිසුන්ට විවිධාකාර වු මානසික හා සමාජය අවශ්‍යතාවන් තිබිය හැකිය.
           උදාහරණයක් වශයෙන් ආරක්ෂාව,අභිමානය,ගෞරවය,ඉලක්ක අත් කර ගැනීම, බලය වැනි දෑ සැලකිය හැකිය.

             මූලික අවශ්‍යතා හා සෙසු අවශ්‍යතා ගත් විට ඒවා සපුරා ගත හැකි විවිධාකාර මාර්ග තිබේ.
        
            වුවමනා වශයෙන් සැලකෙන්නේ එකි අවශ්‍යතා සපුරා ගැනිමට යොදා ගැනෙන විවිධාකාර මාර්ගයන්ය.
උදාහරණයක් වශයෙන් වස්ත්‍ර(ඇදුම්) මිනිස් අවශ්‍යතාවයකි.මෙම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ගවුම් ,සාරි,ටී ෂර්ට්, කලිසම්,සරම්, කමිස වැනි විවිධ ආකාර යොදා ගැනේ.
        
       එමෙන්ම වුවමනාවන් විශාල සංඛ්‍යාවක් තිබෙන විට ඒ සදහා කැප කිරීම් කිරීමට සිදුවේ
        මෙම කැප කිරීම ආවස්ථික පිරිවැය,ආර්ථික පිරිවැය, මූර්ථ පිරිවැය යන පද වලින් ද හැදින්වේ.

උදා:- උසස් පෙළ විභාගය ඉහළින් සමත් වී ඇති ශිෂ්‍යයෙකුට ඉදිරි අනාගතයේ තෝරාගත හැකි අවස්ථා 4ක් පහත දැක්වේ.ඊට ඉදිරියෙන් තෝරා ගැනීමේ අනුපිළිවෙල දැක්වේ.
          A. දේශීය විශ්ව විද්‍යාලයකට යාම.             1
       B. රැකියාවක් ලබා ගැනීම.                         2
       C. විදේශ විශ්ව විද්‍යාලයකට යාම.             3 
       D. තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම.    4
            ඔහු දේශීය විශ්ව විද්‍යාලයකට යාම තෝරා ගත්තේ නම් එහි ආවස්ථික පිරිවැය වන්නේ රැකියාවක් ලබා ගැනීම ඊළගට ඔහු වඩාත් කැමැත්තක් දැක් වු විකල්පයෙ වටිනාකම වේ.

          කිසියම් තේරීමක් ආවස්ථික පිරිවැය ඇගයීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයකි.එනම්,
  • ආවස්ථික පිරිවැය මූර්ථමය සංකල්පයකි.
  • ආවස්ථික පිරිවැය ආත්මගත සංකල්පයක් බව.

ආවස්ථික පිරිවැය ශුන්‍ය වන අවස්ථා,

  1. නොමිල භාණ්ඩ තිබිම.
  2. එක් භාවිතයක් පමණ යොදා ගැනෙන නිෂ්පාදන භාණ්ඩ හෝ සම්පත් තිබිම.
  3. පොදුවේ විරැකියා තත්ත්වයක් තිබිම.

ස්වභාව ධර්මයේ දායාද ලෙස ලැබි ඇති ඇතැම් දෑ වල ආවස්ථික පිරිවැයක් නැත.උදා:-වාතය.

විකල්ප භාවිත නොමැති හිඟ සම්පත්වල ආවස්ථික පිරිවැයක් නොමැතඋදා:-ආකර්ශනීය දර්ශනයක්.ජල විදුලි බලාගාරයක්.ඔරලෝසු කණුවක්.
Create by-:H.H.T.I.Shanaka

No comments:

Post a Comment

Blogger Widgets