ආර්ථිකයේ ආංශීය ව්‍යුහය (Economic Sectoral Structure)
මෙහිදී ද.දේ.නි.යෙහි කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා අංශවල වටිනාකම ද.දේ.නි.යෙන් ප්‍රතිශතයන් ලෙස දැක්වේ.
මෙයින් එම අංශයන්ගේ සාපේක්ෂ නිෂ්පාදන වටිනාකම කාලීනව සමස්ත ආර්ථික කටයුතු වලට අනුරූපව වෙනස්වන ආකාරය තුළින් ආර්ථික ව්‍යුහයේ වෙනස්වීම හඳුනාගත හැකිය. සමහර රටවල කෘෂිකර්මය ආර්ථික ව්‍යුහයේ ප්‍රමුඛත්වයක් ගන්නා අතර සමහර රටවල සේවා අංශය හෝ කාර්මික අංශය ප්‍රමුඛත්වයක් ගනී. බොහෝ රටවල ආර්ථිකයන් වර්ෂ ගණනාවක් තුළ දියුණුවන විට කෘෂිකර්මාන්තයේ සාපේක්ෂ දායකත්වය අඩුවී කාර්මික හා සේවා අංශවල දායකත්වය ඉහළ ගොස් ඇත. බොහෝ රටවල් ආර්ථික දියුණුව සඳහා කර්මාන්ත අංශය ව්‍යාප්ත කිරීමට උත්සාහ ගැනීම නිසා මෙම ව්‍යුහාත්මක ලක්ෂණය ඇතිවී ඇත. ආර්ථික සංවර්ධනයේ දී කර්මාන්ත සහ සේවා අංශයේ ප්‍රතිශතය වැඩිවී කෘෂිකර්මාන්ත අංශයේ ප්‍රතිශතය අඩුවීමෙන් කෘෂිකාර්මික අංශයේ කඩාවැටීමක් හෝ පහළ යාමක් සිදුවී ඇති බව අදහස් නොවේ. කෘෂිකර්මාන්ත අංශයේ වර්ධනය තවදුරටත් පවතින අතර එහි නිෂ්පාදනය වැඩිවනු ඇත. එබැවින්, ද.දේ.නි. යෙහි වර්ධනයට කාර්මික සහ සේවා අංශවල දායකත්වය වැඩිවීම හේතුකොට ගෙන කෘෂිකර්මාන්ත අංශයේ සාපේක්ෂ දායකත්වය අඩුවීමක් පමණක් මෙහිදී පෙන්නුම් කෙරේ.
සාමාන්‍යයෙන් බොහෝ රටවල් ගෝලීයකරණය තුළින් සංවර්ධනය වන විට භාණ්ඩ හා සේවා ආනයන සහ අපනයන කටයුතු හේතු කොට නිෂ්පාදන ව්‍යුහයෙහි වෙනස්කම් ඇතිවනු ඇත. නව කර්මාන්ත සහ සේවා දියුණුවීම නිසා එම අංශවල දායකත්වය ඉහළ යන අතර කෘෂිකාර්මික අංශයේ දායකත්වය පහළ බසී. සමහර රටවල සේවා අංශයේ දායකත්වය ප්‍රධාන ස්ථානය ගනී. දියුණුවන බොහෝ රටවල ඉඩම් හිඟය සහ අධි ජන ඝනත්වය නිසා කෘෂිකාර්මික අංශයට ප්‍රධාන අංශය ලෙස ආදායම සහ රැකියා සැපයීමට හැකියාවක් නොමැත. කාර්මික සහ සේවා අංශයට විදේශ ආයෝජනය ලැබෙන අතර කුඩා ඉඩම් ප්‍රමාණයකින් විශාල පිරිසකට රැකියා සැපයිය හැකිය. එහෙත්, ජනගහනය අඩු, ඉඩම් බහුල රටවල කෘෂිකාර්මික අංශය මූලික අංශය ලෙස පවතිනු ඇත.
ශ්‍රී ලංකාවේ 1950 වර්ෂයේ සිට දත්ත විශ්ලේෂණයේ දී ද.දේ.නි. යෙහි කෘෂිකාර්මික අංශයේ ප්‍රතිශතක දායකත්වය සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර කාර්මික සහ සේවා අංශවල දායකත්වය ඉහළ ගොස් ඇත. සේවා අංශය ප්‍රමුඛ අංශය ලෙස සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත.
එහි සාරංශයක් පහත දැක්වේ.
දළ දේශීය නිෂ්පාදිතයෙහි අංශීයදායකත්ව ප්‍රතිශතය (%)
1950 46.3 19.6 36.9
1960 37.8 16.8 45.4
1970 28.3 23.8 47.9
1980 27.6 29.6 42.8
1990 26.3 26.0 47.7
2000 19.9 27.3 52.8
2005 11.8 30.2 58.0
2010 12.8 29.4 57.8
2011 12.1 29.9 58.0
2012 11.1 31.5 57.5
මූලය : ශ්‍රී ලංකා මහ බැංකුව
මෙම ආර්ථික ව්‍යුහාත්මක වෙනස්වීම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ යහපත් ලක්ෂණයක් ලෙස දැක්විය හැකිය. එහෙත්, කෘෂිකාර්මික අංශයේ පහළ බැසීමක් හෝ කඩාවැටීමක් මින් අදහස් නොවේ. කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදනය ද අඛණ්ඩව ඉහළ ගොස් ඇත. නව වාරිමාර්ග, නව ඉඩම් වගාව, නව කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය, නව බෝග වගාව සහ කෘෂි ඵලදාව වැඩිවීම දිගටම සිදු වී ඇත. එහෙත්, සේවා සහ කාර්මික අංශවල නිෂ්පාදන වටිනාකම ඊට වඩා වැඩි වේගයකින් වර්ධනය වී ඇත. ගෝලීයකරණය තුළින් මෙම අංශවල නිෂ්පාදන අවස්ථා ඉහළ යාම සහ විදේශ ආයෝජනය ලැබීම මීට හේතුවයි.
එබැවින්, කෘෂිකාර්මික අංශයේ දායක ප්‍රතිශතය පහළ යාම ආර්ථික වර්ධනය පිළිබඳ අහිතකර සාධකයක් ලෙස විග්‍රහ නොකළ යුතුය. ශ්‍රී ලංකාවට අවශ්‍ය සහල් සහ ආහාර බෝග වලින් ස්වයංපෝෂිත වූයේ කෘෂිකාර්මික සංවර්ධනය නිසාය. එහෙත්, කෘෂිකාර්මික අංශය සඳහා පමණක් ආර්ථික ප්‍රතිපත්ති යොමු වූවා නම් අද රටේ පවතින සංවර්ධනය, සේවා නියුක්තිය, ආදායම් මට්ටම සහ ජීවන/සමාජ තත්ත්වය ලබාගත නොහැකිව තිබින. එසේ ම, සහනාධාර තුළින් කෘෂිකර්මයට දිරි දී අඩු නිෂ්පාදන වියදමක් හා මිලක් පවත්වා ගෙන යාම ද යෝග්‍ය නොවේ.
කෘෂිකර්මය නවීකරණය තුළින් ඵලදාව වැඩිකිරීමත්, වැඩිවන ශ්‍රම බලකායට රැකියා ලබාදීම සඳහා කර්මාන්ත සහ සේවා අංශයෙහි ආයෝජන වැඩි කිරීමත්, රටේ ආර්ථික ප්‍රතිපත්තිය විය යුතුය. මේ සඳහා රට ගෝලීයකරණය මත පදනම් විය යුතුය. එවිට, රටට ලැබෙන තරගකාරී ආර්ථික ඉඩ ප්‍රස්ථා ඉතාමත් අධික වෙයි. එහෙත්, වැඩිවන ශ්‍රම බලකායට රැකියා සැපයීමට සහ රටේ සංවර්ධනයට අවශ්‍ය පරිදි විදේශ විනිමය ඉපැයීම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය තුළින් කළ නොහැකිය. තවද, ලෝකයේ මහා පරිමාණ කෘෂි භාණ්ඩ අපනයන රටවල් සමඟ තරඟ කිරීමට තරම් තාක්ෂණය, ඵලදායිතාවය
සහ ගුණාත්මක බව ශ්‍රී ලංකාවට නොමැත.
රන් දොර වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.
No comments:
Post a Comment