Tuesday, August 12, 2014

උද්ධමනය




උද්ධමනය කියන්නේ,
        මිල දර්ශක වලින් ගණනය කරනු ලබන සාමාන්‍ය හෙවත් පොදු මිල මට්ටම යම් නිශ්චිත කාලයක් තුළ අඛණ්ඩව ඉහල යෑමයි.

 උද්ධමනයක් ඇති වීමට බලපාන ප්‍රධාන හේතු 3ක් තියෙනවා
                1.පිරිවෙයෙන් තල්ලු වූ උද්ධමනය
                2.ඉල්ලුමෙන් ඈදුනු උද්ධමනය 
                3.ව්‍යුහාත්මක උද්ධමනය
                 

පළවැනියටම අපි බලමු පිරිවෙයෙන් තල්ලු වූ උද්ධමනය කියන්නෙ මොකක්ද කියලා,
     භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා යෙදවුම් නැත්තම් සැපයුම් වක්‍රය වමට විතැන් වීමට සමත් ඕනෑම හේතුවක් නිසා සිදුවන මිල ඉහළ යෑමේ තත්වය පිරිවෙයෙන් තල්ලු වූ උද්ධමනය කියලා කියනවා.


පිරිවෙයෙන් තල්ලු වූ උද්ධමනයට හේතු විදිහට, 
       *ඛණිජ තෙල් මිල ඉහළ යෑම.
       *තිරිගු පිටි මිල ඉහළ යෑම.             
       *වැටුප් වැඩි වීම. (ශ්‍රමයට කරන ගෙවීම්)
       *ගෙවුම් ශේෂයේ හිගයක් වාර්ථා වීම. වගේ දේවල් ගන්න පුළුවන්



දැන් අපි බලමු ඉල්ලුමෙන් ඈදුනු උද්ධමනය කියන්නෙ මොකක්ද කියලා,
       ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වීමට බලපාන ඕනෑම හේතුවක් නිසා සිදු වන මිල ඉහළ යෑමේ තත්වය ඉල්ලුමෙන් ඈදුනු උද්ධමනය කියල හදුන්වනවා.

ඉල්ලුමෙන් ඈදුනු උද්ධමනයට හේතු විදිහට, 
       *සාධක ආදායම් ඉහළ යෑම.
       *ශුද්ධ අපනයන ධන අගයක් ගැනීම.
       *රාජ්‍ය වියදම් වැඩි කිරීම.
       *බදු අඩු කිරීම. වගේ දේවල් ගන්න පුළුවන්



අවසාන වශයෙන් අපි බලමු ව්‍යුහාත්මක උද්ධමනය කියන්නෙ මොකක්ද කියල,
      රටක ආර්ථික ව්‍යුහයේ සිදුවන වෙනස් වීම් හේතුවෙන් රටේ භාණ්ඩ හා සේවා මිල ගණන් කෙරෙහි බලපෑමක් ඇති වී මිල මට්ටම ඉහළ යයි නම් එය ව්‍යුහාත්මක උද්ධමනය කියල හදුන්වනවා.      

No comments:

Post a Comment

Blogger Widgets