Learn Economics in Sinhala
Tuesday, August 12, 2014
උද්ධමනය
උද්ධමනය කියන්නේ,
මිල දර්ශක වලින් ගණනය කරනු ලබන සාමාන්‍ය හෙවත් පොදු මිල මට්ටම යම් නිශ්චිත කාලයක් තුළ අඛණ්ඩව ඉහල යෑමයි.
උද්ධමනයක් ඇති වීමට බලපාන ප්‍රධාන හේතු 3ක් තියෙනවා
1.පිරිවෙයෙන් තල්ලු වූ උද්ධමනය
2.ඉල්ලුමෙන් ඈදුනු උද්ධමනය
3.ව්‍යුහාත්මක උද්ධමනය
පළවැනියටම අපි බලමු පිරිවෙයෙන් තල්ලු වූ උද්ධමනය කියන්නෙ මොකක්ද කියලා,
භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා යෙදවුම් නැත්තම් සැපයුම් වක්‍රය වමට විතැන් වීමට සමත් ඕනෑම හේතුවක් නිසා සිදුවන මිල ඉහළ යෑමේ තත්වය පිරිවෙයෙන් තල්ලු වූ උද්ධමනය කියලා කියනවා.
Sunday, July 20, 2014
කේනිසියානු ආර්ථික විද්‍යාව
කේනිසියානු ආර්ථික විද්‍යාව නැතිනම් කේනිසියම් හෝ කේනිසියානු න්‍යාය යනු විසිවන සියවසේ බ්‍රිතාන්‍ය ආර්ථික විද්‍යාඥයකු වන ජෝන් මෙනාඩ් කේන්ස්ගේ අදහස් මත පදනම් වූ ආර්ථික න්‍යායකි. කේනිසියානු ආර්ථික විද්‍යාවට අනුව රජය හා පෞද්ගලික යන අංශ 2 ම වැදගත් කාර්යභාරයක් ඉටු කරන මිශ්‍ර ආර්ථිකයක, ආර්ථික වර්ධනය හා ස්ථායීතාවය පවත්වා ගෙන යාමට උපකාර කිරීමට රජයට හැකිවේ. රජයේ මැදිහත් වීමකින් තොරව වෙළදපල හා පෞද්ගලික අංශය ඉතා හොදින් ක්‍රියාත්මක වෙතැයි අදහනු ලබන රාජ්‍ය නිර්බාදවාදී ආර්ථික ලිබරල්කරණයේ, අසමත් වීමයැයි ඇතැම් අය සලකනු ලබන ගැටලු වලට, කේනිසියානු ආර්ථික විද්‍යාව මගින් පිළිතුරු සොයනු ලබයි. 1936 දී ප්‍රකාශයට පත් කරන ලද, සේවා නියුක්තිය, පොලිය හා මුදල් පිලිබද පොදු න්‍යාය කෘතිය මගින් කේනිසියානු ආර්ථික විද්‍යාවේ පදනම ගොඩ නගමින් එම න්‍යායන් පළමුවරට ඉදිරිපත් කරන ලදී.
Saturday, July 12, 2014
ශ්‍රී ලංකා මහ බැංකුව පිළීබද තතු
ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉතිහාසය
ආර්ථික වර්ධනයට අනුබල දීමට සහ එය දිරිමත් කිරීමට අවශ්‍ය කාර්යක්ෂම මූල්‍ය ප්‍රතිපත්තියක සහ ක්‍රියාශීලී මූල්‍ය අංශයක වැදගත්කම හඳුනා ගැනීම නිසා නිදහසින් පසු රජය විසින් ලංකා මහ බැංකුව පිහිටුවන ලදි.
මහ බැංකුව පිහිටුවීමට පෙර මහ බැංකු කටයුතු හා සම්බන්ධිත කාර්යයන් 1884 අංක 32 දරන කඩදාසි මුදල් ආඥා පනත යටතේ පිහිටුවන ලද ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය මඟින් මෙහෙයවන ලදී.
දේශපාලන නිදහස ලබා ගැනීමෙන් පසු සංවර්ධනය වෙමින් පවත්නා රටක සහ නිදහස් ජාතියක අවශ්‍යතා සපුරාගැනීම සඳහා ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය ප්‍රමාණවත් නොවන හා යෝග්‍ය නොවන බවට සලකන ලදී. එමනිසා 1948 ජුලි මස දී එක්සත් ජනපද රජයෙන් ලංකාණ්ඩුව මහ බැංකුවක් පිහිටුවීමට අවශ්‍ය තාක්ෂණික විශේෂඥ දැනුම ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කළේ ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ෆෙඩරල් සංචිත මණ්ඩලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝන් එක්ස්ටර් මහතා මෙහි කටයුතු කිරීම සඳහා පත් කරනු ලැබී ය.
1949 නොවැම්බර් මාසයේ දී මහ බැංකුව සඳහා තාර්කික හා නෛතික රාමුව පිළිබඳ එක්ස්ටර් වාර්තාවලංකාණ්ඩුවට ඉදිරිපත් කරන ලදුව එය පිහිටුවීමට පියවර ගත්තේ ය. 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ ලංකා මහ බැංකුව පිහිටු වන ලද අතර 1950 අගෝස්තු 28 දින එහි මෙහෙයුම් කටයුතු ආරම්භ විය. 1985 දී එය ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස නැවත නම් කරන ලදි.
රටෙහි සමස්ත මූල්‍ය, බැංකු කටයුතු හා ණය ක්‍රම පරිපාලනය කිරීමට හා නියාමනය කිරිමට අවශ්‍ය පුළුල් බලතල මහ බැංකුවට පවරන ලදී. එමෙන්ම ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ තනි අයිතිය සහ බලය ද මහ බැංකුවට පවරන ලද අතර රටෙහි ජාත්‍යන්තර සංචිතවල භාරකාරු බවට ද එය පත් වුණි. 1949 මුදල් නීති පනතෙහි සඳහන් කළ ආකාරයට මහ බැංකුවේ අරමුණු වුයේ

Tuesday, July 1, 2014
කාර්ගීල්ස් බැංකුව ඇරඹේ
මෙරට ප්‍රමුඛතම සුපිරි වෙළඳ සැල් ජාලයක් වන කාර්ගීල්ස් (සිලෝන්) හා සීටී හෝල්ඩින්ග්ස් යන සමාගම් එකතුවෙන් නවතම වාණිජ බැංකුව වන කාර්ගීල්ස් බැංකුව2014/06/30 කොල්ලුපිටියේදී විවෘත කරන ලදී.
කාර්ගීල්ස් බැංකුව විවෘත කිරීමේ උත්සවය ඊයේ පැවැත්වුණේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ ප්‍රධානත්වයෙනි.
මෙම බැංකුව මගින් සමාජයේ සියළුම සමාජ හා ආදායම් කාණ්ඩ ඉලක්ක කර තිබෙන අතර මෙහි කළමනාකාර අධ්‍යක්ෂවරයා වන්නේ හරිස් ප්‍රේමරත්න මහතාය.රුපියල් බිලියන 04 ක පමණ මුළික ප්‍රාග්ධනයකින් ආරම්භ වන මෙම බැංකුවේ සියයට 30 ක හිමිකම කාර්ගිල්ස් සමුහ ව්‍යාපාරය දරණ අතරේ සියයට 10 කට ආසන්න ප්‍රතිශතයකට පසුගියදා සේවක අර්ථසාධක අරමුදල දායකත්වය ලබා දිණි.ඒ රුපියල් මිලියන 550 ක පමණ මුදලකින් බව එම මහ බැංකු ප්‍රකාශකයා කිය.
මෙම බැංකුවේ සියයට 10 බැගින් කොටස් මිලදි ගැනිමට ලෝක බැංකුවේ පුද්ගලික අංශයේ මුල්‍ය සම්පාදන ආයතනය වන IFC සහ ජර්මානු සංවර්ධන මුල්‍යායතනය DEG පසුගියදා පියවර ගත්තේය.
කාර්ගිල්ස් ෆුඩි සිටි කේන්ද්‍ර කර සිය ව්‍යාපාරික කටයුතු දියත් කරන නිසා මෙහි ආරම්භක පිරිවැය ඉතාම අවම මට්ටමකින් සිදු කළ හැකි බව ද සදහන්ය.
උපුටා ගැනීම ඩේලි මිලර් පුවත් පත
Monday, June 30, 2014
ඩොලර් බිලියන දෙකේ ශ්‍රී ලංකා නිමි ඇඳුම් වෙළෙඳපොළට තවත් දේශීය සන්නාම එන ලකුණු
තම සංගමය යළි එළිදැකීමේ උත්සවයේදී අදහස් දැක්වූ ධර්මවර්ධන මහතා සඳහන් කළේ මේ වනවිට ගණන් බලා ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් වෙළෙඳපොළ ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක් පමණ වන බවය.”
මෙම වෙළෙඳපොළ විශාල එකක්. දේශීය ජනප්‍රිය සන්නාම මේ වෙළෙඳපොළ තුළ දැනට නියෝජනය කරන්නේ සියයට 40ක් පමණයි. එහෙත් එය සියයට 60ක් වැනි ප්‍රතිශතයක් දක්වා වර්ධනය කළ හැකියි. මේ තුළින් අපට මෙම වෙළෙඳපොළ තුළට ගුණාත්මක තත්ත්වයේ දේශීය නිමි ඇඳුම් ඇතුළු කළ හැකි වනවා” යඥයිද සඳහන් කළේය.
පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් වෙළෙඳපොළ සියයට 10කින් වර්ධනය වී තිබෙනවා. මේ අතරට නව ඇඳුම් සන්නාම කිහිපයක්ම දේශීය පාරිභෝගිකයන් අතර ජනප්‍රිය වී තිබෙනවා. අපට අවශ්‍ය මෙවැනි උසස් මට්ටමේ සන්නාම තවදුරටත් මෙම වෙළෙඳපොළ තුළ තහවුරු කිරීමයි.” යයිද ධර්මවර්ධන මහතා තවදුරටත් සඳහන් කළේය.
එමෙන්ම මේ වනවිට ඇමෙරිකාව වැනි රටවල පවා ශ්‍රී ලංකාවේ නිම ඇඳුම් සඳහා සුවිශේෂ ස්ථානයක පවතින බැවින් මෙම තත්ත්වය දේශීය වෙළෙඳපොළ තුළ ද නිර්මාණය කිරීමේ කාලය එලඹ ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළේය.
උපුටා ගැනීම රිවිර නිල වෙබ් අඩවිය
Saturday, June 28, 2014
ජාතික ආදායම් සමීකරණ
ජාතික ආදායම් සමීකරණය (National Income Identity) සහ
ආර්ථික අංශ අසමතුලිතතාවය
ජාතික ආදායම් ගණනය කිරීම පිළිබඳව ආර්ථිකයක චක්‍රීය ආදායම් ප්‍රවාහය (Circular Flow of Income) අදහසට අනුව රටක දළ දේශීය හෝ දළ ජාතික නිෂ්පාදිතය එහි දළ දේශීය හෝ දළ ජාතික වියදමට සමාන වෙයි.
Y = C + I + G + X – M ………………….(1)
Y : දළ ජාතික නිෂ්පාදිතය
C : පෞද්ගලික පරිභෝජනය
I : පෞද්ගලික ආයෝජනය
G : රාජ්‍ය වියදම (පරිභෝජන සහ ආයෝජන)
X : භාණ්ඩ හා සේවා අපනයනය සහ විදේශ සාධක ආදායම් ලැබීම
M : භාණ්ඩ හා සේවා ආනයනය සහ විදේශ සාධක ආදායම් ගෙවීම්
මෙය දළ දේශීය නිෂ්පාදිතය සහ දළ දේශීය වියදම යන අර්ථයෙන් සාකච්ඡා කරන විට X සහ M විදේශ සාධක ආදායම්/ගෙවීම් නොමැතිව සලකා බැලේ. ඉහත සමීකරණය ආර්ථික විද්‍යාවේ ජාතික ආදායම් සමීකරණය ලෙස ප්‍රචලිත අතර එය සාර්ව ආර්ථික විශ්ලේෂණයන්හි පදනම ලෙස නිතර භාවිතා කරනු ලැබේ. මෙම ආදායම් සමීකරණයේ දෙපැත්තෙන්ම මහජනයා (පුද්ගලයන් සහ ව්‍යාපාරික ආයතන) විසින් ගෙවන බදු (T) අඩු කිරීමෙන් පහත සමීකරණය ලබාගත හැකිය.
Y – T = C + I + G + X – M – T
YD = C + I + (G-T) + (X-M) ………………..(2)
මෙහි YD යනු රටේ මහජනතාවගේ/පෞද්ගලික අංශයේ වැයකළ හැකි ආදායමයි. මෙම සමීකරණය තවදුරටත් පහත ලෙස සැකසිය හැකිය.
Subscribe to:
Posts (Atom)