ජාතික ආදායම් සමීකරණය (National Income Identity) සහ
ආර්ථික අංශ අසමතුලිතතාවය
ජාතික ආදායම් ගණනය කිරීම පිළිබඳව ආර්ථිකයක චක්‍රීය ආදායම් ප්‍රවාහය (Circular Flow of Income) අදහසට අනුව රටක දළ දේශීය හෝ දළ ජාතික නිෂ්පාදිතය එහි දළ දේශීය හෝ දළ ජාතික වියදමට සමාන වෙයි.
Y = C + I + G + X – M ………………….(1)
Y : දළ ජාතික නිෂ්පාදිතය
C : පෞද්ගලික පරිභෝජනය
I : පෞද්ගලික ආයෝජනය
G : රාජ්‍ය වියදම (පරිභෝජන සහ ආයෝජන)
X : භාණ්ඩ හා සේවා අපනයනය සහ විදේශ සාධක ආදායම් ලැබීම
M : භාණ්ඩ හා සේවා ආනයනය සහ විදේශ සාධක ආදායම් ගෙවීම්
මෙය දළ දේශීය නිෂ්පාදිතය සහ දළ දේශීය වියදම යන අර්ථයෙන් සාකච්ඡා කරන විට X සහ M විදේශ සාධක ආදායම්/ගෙවීම් නොමැතිව සලකා බැලේ. ඉහත සමීකරණය ආර්ථික විද්‍යාවේ ජාතික ආදායම් සමීකරණය ලෙස ප්‍රචලිත අතර එය සාර්ව ආර්ථික විශ්ලේෂණයන්හි පදනම ලෙස නිතර භාවිතා කරනු ලැබේ. මෙම ආදායම් සමීකරණයේ දෙපැත්තෙන්ම මහජනයා (පුද්ගලයන් සහ ව්‍යාපාරික ආයතන) විසින් ගෙවන බදු (T) අඩු කිරීමෙන් පහත සමීකරණය ලබාගත හැකිය.
Y – T = C + I + G + X – M – T
YD = C + I + (G-T) + (X-M) ………………..(2)
මෙහි YD යනු රටේ මහජනතාවගේ/පෞද්ගලික අංශයේ වැයකළ හැකි ආදායමයි. මෙම සමීකරණය තවදුරටත් පහත ලෙස සැකසිය හැකිය.
YD – C = I + (G-T) + (X-M)
S = I + (G-T) + (X-M)……………………..(3)
S = I + (G-T) + (X-M)……………………..(3)
S : පෞද්ගලික අංශයේ (මහජනයා සහ ව්‍යාපාරික ආයතන) ඉතිරිකිරීම්
ඉහත (3) සමීකරණය තවදුරටත් සැකසීමෙන් පහත සමීකරණය ලැබේ
(G-T) = (S-I) + (M-X)........................................................(4)
ඉහත (3) සමීකරණය තවදුරටත් සැකසීමෙන් පහත සමීකරණය ලැබේ
(G-T) = (S-I) + (M-X)........................................................(4)
1. මෙම සමීකරණය මගින් ආර්ථිකයක රජය, පෞද්ගලික (මහජනයා සහ ව්‍යාපාරික) සහ විදේශීය යන අංශයන් තුළ පැවතිය හැකි අසමතුලිතතාවය සහ සමස්ත ආර්ථික තුලිතතාවය විදහා දැක්වෙයි.
2. රාජ්‍ය අංශයේ ආර්ථික කටයුතුවල අසමතුලිතතාවය අයවැය හිඟය හෝ අතිරික්තයයි (G-T).
3. පෞද්ගලික අංශයේ අසමතුලිතතාවය ඉතුරුම් ආයෝජන පරතරයයි (S-I).
4. විදේශ අංශයේ (රටක විදේශ ගනුදෙනු) අසමතුලිත තාවය යනු විදේශ ගෙවුම් තුලනයේ (Balance of Payment) ජංගම ගිණුමේ ශේෂයයි (M-X).
මේ අනුව එක් අංශයක ඇතිවන හිඟයක් හෝ අතිරික්තයක් අනෙක් අංශයකින් හෝ අංශ දෙකින්ම පියවිය යුතුය.
උදාහරණයක් වශයෙන් (4) සමීකරණයෙන් පෙන්වන පරිදි ආර්ථිකයක අයවැය හිඟයක් (අසමතුලිතතාවය) පවතී නම් එය පියවීමට ආර්ථිකයේ අනෙක් අංශ දෙක විසින් සම්පත්/ඉතුරුම් සැපයිය යුතුය.
එනම්, පෞද්ගලික අංශය තම ආයෝජන වලට වඩා ඉතිරි කළ යුතුය (ඉතුරුම් අතිරික්තයක්). එසේ නැතහොත් ආර්ථිකයේ විදේශීය අංශයේ ජංගම ගිණුම් හිඟයක් තුළින් සම්පත් විදේශයෙන් ආනයනය කළ යුතුය. රටේ ජංගම ගිණුමේ හිඟයක් යනු එම ප්‍රමාණයට විදේශ ප්‍රාග්ධනය/ඉතුරුම් ලබා ගැනීමයි. එබැවින්, අයවැය හිඟය සහ විදේශ ණය අතර පැහැදිලි සබඳතාවයක් පවතී. ඉහත අංක (4) සමීකරණය සාර්ව ආර්ථික ක්‍රමයක පදනම පෙන්වන අතර ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් මේ පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුව ආර්ථික සංවර්ධනය සඳහා සාර්ව ප්‍රතිපත්ති ගත යුතුය.
එනම්, පෞද්ගලික අංශය තම ආයෝජන වලට වඩා ඉතිරි කළ යුතුය (ඉතුරුම් අතිරික්තයක්). එසේ නැතහොත් ආර්ථිකයේ විදේශීය අංශයේ ජංගම ගිණුම් හිඟයක් තුළින් සම්පත් විදේශයෙන් ආනයනය කළ යුතුය. රටේ ජංගම ගිණුමේ හිඟයක් යනු එම ප්‍රමාණයට විදේශ ප්‍රාග්ධනය/ඉතුරුම් ලබා ගැනීමයි. එබැවින්, අයවැය හිඟය සහ විදේශ ණය අතර පැහැදිලි සබඳතාවයක් පවතී. ඉහත අංක (4) සමීකරණය සාර්ව ආර්ථික ක්‍රමයක පදනම පෙන්වන අතර ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් මේ පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුව ආර්ථික සංවර්ධනය සඳහා සාර්ව ප්‍රතිපත්ති ගත යුතුය.
උදාහරණයක් ලෙස රාජ්‍ය අයවැය හිඟයක් පවතින අතර පෞද්ගලික අංශය තම ඉතුරුම් වලට වඩා වැඩි ආයෝජනයක් කිරීමට (පෞද්ගලික අංශයේ සමස්ත හිඟයක්) නම් රට තුළ අනිවාර්යයෙන් සම්පත් හිඟයක් ඇතිවන අතර එය මූල්‍යකරණය සඳහා විදේශ ඉතුරුම්/ප්‍රාග්ධනය ලබාගත යුතුමය. මෙවැනි රටක විදේශ ගනුදෙනු වලට සහ ප්‍රාග්ධනයට සීමා සහ පාලන පැනවීම හෝ ජංගම ගිණුමේ අතිරික්තයක් සඳහා ප්‍රතිපත්ති ගැනීමට උත්සාහ කිරීම යෝග්‍ය නොවනු ඇත.
ජංගම ගිණුමේ අතිරික්තයක් යනු රටේ වියදමට වඩා ආදායම වැඩි වී ඉතුරුම් අතිරික්තයක් ඇති බවයි. එම ඉතුරුම් අතිරික්තය විදේශ රටවල ආයෝජනය කළ යුතුය.
මෙවැනි අතිරික්ත ඇති චීනය, ජපානය, දකුණු කොරියාව සහ මැලේසියාව වැනි රටවල් තම විදේශ විනිමය සංචිත විදේශයන්හි ආයෝජනය කොට ඇත. රටක සංවර්ධනය සඳහා අයවැය හිඟයක් සහ ඉහළ මට්ටමේ පෞද්ගලික අංශයේ ආයෝජනයක් පවත්වාගෙන යාමට නම් ඊට සරිලන පරිදි ජංගම ගිණුමේ හිඟයක් පවත්වා ගත යුතුය. සංවර්ධනය සඳහා ඉහල අයවැය හිඟයක් පවත්වා ගනී නම් දේශීය පෞද්ගලික අංශය හෝ විදේශ අංශය හෝ එම අංශ දෙකින් ම හෝ රජයේ අයවැය හිඟය පියවීමට සම්පත් සැපයිය යුතුය.
උපුටා ගැනීම රන් දොර වෙබ් අඩවිය මගිනි
No comments:
Post a Comment