ශ්‍රී ලංකාව සහ බෙලරූස් රාජ්‍ය අතර වෙළෙද කමිටුවක්
ශ්‍රී ලංකාව සහ බෙලරූස් රාජ්‍ය අතර වෙළෙද කමිටුවක් පිහිටුවීමට සැලසුම් කෙරේ. ඒ සඳහාවූ මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇතැයි කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. ලබන ජුලි මාසයේදී වෙළෙද කමිටුව පිහිටුවීම අපේක්ෂාවයි. දෙරට අතර වෙළෙදාම සැළකිය යුතු මට්ටමින් ඉහළ ගොස් තිබේ. 2010 වසරට සාපේක්ෂව පසුගිය වසර කිහිපයේදී විදේශ වෙළෙදාම දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි අමාත්‍යාංශය පෙන්වාදෙයි. තවදුරටත් වෙළෙදාම පුළුල් කිරීම වෙළෙද කමිටු පිහිටුවීමේ අපේක්ෂාවයි.
No comments:
Post a Comment