2014 මැයි මාසයේ දී උද්ධමනය සැලකිය යුතු ලෙස පහළ වැටේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (කො.පා.මි.ද) (2006/07=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්යමය පදනම මත, පූර්ව මාසයේ පැවති සියයට 4.9 හි සිට 2014 මැයි මාසයේ දී සියයට 3.2 දක්වා සැලකිය යුතු ලෙස පහළ වැටිණි. මෙය 2012 පෙබරවාරි මාසයෙන් පසු වාර්ථා කළ අඩුතම අනුපාතිකය වේ. වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමනය ද 2013 ජූනි මස සිට පෙන්නුම් කළ පහළ යාමේ උපනතිය අනුව යමින් 2014 අපේල් මස පැවති සියයට 5.6 හි සිට 2014 මැයි මාසයේ දී සියයට 5.3 දක්වා තවදුරටත් පහළ වැටිණි.ආහාර නොවන කාණ්ඩයේ සමහර අයිතමයන්ගේ මිල ගණන් අඩු වීම සහ 2013 මැයි මාසයේ පැවති ඉහළ පදනමෙහි බලපෑම, උද්ධමනයෙහි තියුණු පහළ යාම සඳහා හේතු විය. ආහාර නොවන කාණ්ඩය තුළ රෙදිපිළි හා පාවහන් උප කණ්ඩයෙහි මිල ගණන් මෙම මාසය තුළ දී සියයට 0.1 කින් ඉහළ නැගුණ ද නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන උප කාණ්ඩයෙහි මිල ගණන් සියයට 0.1 කින් පහළ ගියේය. කෙසේ වුවද, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ දෛනික ගෘහ නඩත්තුව ව; රථවාහන; සන්නිවේදන; විනෝදාත්මක හා සංස්කෘතික; අධ්‍යාපන;සෞඛ්‍ය; සහ විවිධ භාණ්ඩ හා සේවාවන් යන අනෙකුත් සියලුම උප කාණ්ඩයන්ගේ මිල ගණන් මාසය තුළ නොවෙනස්ව පැවතිණි.
මේ අතර පෙර මාසයට සාපේක්ෂව 2014 මැයි මාසයේ දී සියයට 1.3 කින් ඉහළ නැගුණු ආහාර හා මධ්‍යසාර නොවන පාන වර්ග අයත් උප කාණ්ඩය කො.පා.මි. දර්ශකයේ මාසික ඉහළ යාම සඳහා මූලික දායකයා වික. ආහාර කාණ්ඩය තුළ සියලුම වර්ගවල පාහේ එළවළු, නැවුම් මත්ස්‍ය වර්ග, අර්ථාපල්,රතු ළූණු,ලොකු ළූණු, අමු මිරිස්, සමහර කුළු බඩු වර්ග සහ සීනි මිල ගණන්හි ඉහළ යාමක් වාර්ථා විය.කෙසේ වුවද, සමහර පළතුරු වර්ග සහ බිත්තර ආදියෙහි මිල ගණන් මෙම මාසය තුළ සැළකිය යුතු ලෙස පහළ ගියේය.
මූලික උද්ධමනය 2014 මැයි මාසයේ දී ලක්ෂ්යමය පදනම සහ වාර්ෂික සාමාන්‍ය පදනම යන දෙයාකාරයෙන්ම පහළ ගියේය. ඒ අනුව, 2013 ජූනි මස සිට තියුණු ලෙස පහළ වැටුණු වාර්ෂික සාමාන්‍ය උද්ධමනය එය හදුන්වා දීමෙන් පසු වාර්ථා කළ අඩුතම අගය වූ සියයට 3.1 දක්වා 2014 මැයි මාසයේ දී ළඟා විය. ලක්ෂ්යමක මූලික උද්ධමනය 2014 අපේල් මස පැවති සියයට 3.4 හි සිට මැයි මාසයේ දී සියයට 3.3 දක්වා සුළු වශයෙන් පහළ ගියේය. සමස්ථ ඉල්ලුමෙහි වර්ධනය ඵලදායී ලෙස පාලනය කිරීමෙහිලා ඉල්ලුම් කළමනාකරණ පතිපත්තියෙහි බලපෑම මෙම සතුටුදායක හැසිරීම මගිනු පිළිබිඹු කෙරේ.
භාගත කරන්න |
Create by-:Y.M. Supun Kallhara
No comments:
Post a Comment