Tuesday, August 12, 2014
උද්ධමනය
උද්ධමනය කියන්නේ,
මිල දර්ශක වලින් ගණනය කරනු ලබන සාමාන්‍ය හෙවත් පොදු මිල මට්ටම යම් නිශ්චිත කාලයක් තුළ අඛණ්ඩව ඉහල යෑමයි.
උද්ධමනයක් ඇති වීමට බලපාන ප්‍රධාන හේතු 3ක් තියෙනවා
1.පිරිවෙයෙන් තල්ලු වූ උද්ධමනය
2.ඉල්ලුමෙන් ඈදුනු උද්ධමනය
3.ව්‍යුහාත්මක උද්ධමනය
පළවැනියටම අපි බලමු පිරිවෙයෙන් තල්ලු වූ උද්ධමනය කියන්නෙ මොකක්ද කියලා,
භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා යෙදවුම් නැත්තම් සැපයුම් වක්‍රය වමට විතැන් වීමට සමත් ඕනෑම හේතුවක් නිසා සිදුවන මිල ඉහළ යෑමේ තත්වය පිරිවෙයෙන් තල්ලු වූ උද්ධමනය කියලා කියනවා.
Sunday, July 20, 2014
කේනිසියානු ආර්ථික විද්‍යාව
කේනිසියානු ආර්ථික විද්‍යාව නැතිනම් කේනිසියම් හෝ කේනිසියානු න්‍යාය යනු විසිවන සියවසේ බ්‍රිතාන්‍ය ආර්ථික විද්‍යාඥයකු වන ජෝන් මෙනාඩ් කේන්ස්ගේ අදහස් මත පදනම් වූ ආර්ථික න්‍යායකි. කේනිසියානු ආර්ථික විද්‍යාවට අනුව රජය හා පෞද්ගලික යන අංශ 2 ම වැදගත් කාර්යභාරයක් ඉටු කරන මිශ්‍ර ආර්ථිකයක, ආර්ථික වර්ධනය හා ස්ථායීතාවය පවත්වා ගෙන යාමට උපකාර කිරීමට රජයට හැකිවේ. රජයේ මැදිහත් වීමකින් තොරව වෙළදපල හා පෞද්ගලික අංශය ඉතා හොදින් ක්‍රියාත්මක වෙතැයි අදහනු ලබන රාජ්‍ය නිර්බාදවාදී ආර්ථික ලිබරල්කරණයේ, අසමත් වීමයැයි ඇතැම් අය සලකනු ලබන ගැටලු වලට, කේනිසියානු ආර්ථික විද්‍යාව මගින් පිළිතුරු සොයනු ලබයි. 1936 දී ප්‍රකාශයට පත් කරන ලද, සේවා නියුක්තිය, පොලිය හා මුදල් පිලිබද පොදු න්‍යාය කෘතිය මගින් කේනිසියානු ආර්ථික විද්‍යාවේ පදනම ගොඩ නගමින් එම න්‍යායන් පළමුවරට ඉදිරිපත් කරන ලදී.
Saturday, July 12, 2014
ශ්‍රී ලංකා මහ බැංකුව පිළීබද තතු
ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉතිහාසය
ආර්ථික වර්ධනයට අනුබල දීමට සහ එය දිරිමත් කිරීමට අවශ්‍ය කාර්යක්ෂම මූල්‍ය ප්රතිපත්තියක සහ ක්‍රියාශීලී මූල්‍ය අංශයක වැදගත්කම හඳුනා ගැනීම නිසා නිදහසින් පසු රජය විසින් ලංකා මහ බැංකුව පිහිටුවන ලදි.
මහ බැංකුව පිහිටුවීමට පෙර මහ බැංකු කටයුතු හා සම්බන්ධිත කාර්යයන් 1884 අංක 32 දරන කඩදාසි මුදල් ආඥා පනත යටතේ පිහිටුවන ලද ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය මඟින් මෙහෙයවන ලදී.
දේශපාලන නිදහස ලබා ගැනීමෙන් පසු සංවර්ධනය වෙමින් පවත්නා රටක සහ නිදහස් ජාතියක අවශ්‍යතා සපුරාගැනීම සඳහා ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය ප්‍රමාණවත් නොවන හා යෝග්‍ය නොවන බවට සලකන ලදී. එමනිසා 1948 ජුලි මස දී එක්සත් ජනපද රජයෙන් ලංකාණ්ඩුව මහ බැංකුවක් පිහිටුවීමට අවශ්‍ය තාක්ෂණික විශේෂඥ දැනුම ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කළේ ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ෆෙඩරල් සංචිත මණ්ඩලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝන් එක්ස්ටර් මහතා මෙහි කටයුතු කිරීම සඳහා පත් කරනු ලැබී ය.
1949 නොවැම්බර් මාසයේ දී මහ බැංකුව සඳහා තාර්කික හා නෛතික රාමුව පිළිබඳ එක්ස්ටර් වාර්තාවලංකාණ්ඩුවට ඉදිරිපත් කරන ලදුව එය පිහිටුවීමට පියවර ගත්තේ ය. 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ ලංකා මහ බැංකුව පිහිටු වන ලද අතර 1950 අගෝස්තු 28 දින එහි මෙහෙයුම් කටයුතු ආරම්භ විය. 1985 දී එය ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස නැවත නම් කරන ලදි.
රටෙහි සමස්ත මූල්‍ය, බැංකු කටයුතු හා ණය ක්‍රම පරිපාලනය කිරීමට හා නියාමනය කිරිමට අවශ්‍ය පුළුල් බලතල මහ බැංකුවට පවරන ලදී. එමෙන්ම ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ තනි අයිතිය සහ බලය ද මහ බැංකුවට පවරන ලද අතර රටෙහි ජාත්‍යන්තර සංචිතවල භාරකාරු බවට ද එය පත් වුණි. 1949 මුදල් නීති පනතෙහි සඳහන් කළ ආකාරයට මහ බැංකුවේ අරමුණු වුයේ
ආර්ථික වර්ධනයට අනුබල දීමට සහ එය දිරිමත් කිරීමට අවශ්‍ය කාර්යක්ෂම මූල්‍ය ප්රතිපත්තියක සහ ක්‍රියාශීලී මූල්‍ය අංශයක වැදගත්කම හඳුනා ගැනීම නිසා නිදහසින් පසු රජය විසින් ලංකා මහ බැංකුව පිහිටුවන ලදි.
මහ බැංකුව පිහිටුවීමට පෙර මහ බැංකු කටයුතු හා සම්බන්ධිත කාර්යයන් 1884 අංක 32 දරන කඩදාසි මුදල් ආඥා පනත යටතේ පිහිටුවන ලද ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය මඟින් මෙහෙයවන ලදී.
දේශපාලන නිදහස ලබා ගැනීමෙන් පසු සංවර්ධනය වෙමින් පවත්නා රටක සහ නිදහස් ජාතියක අවශ්‍යතා සපුරාගැනීම සඳහා ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය ප්‍රමාණවත් නොවන හා යෝග්‍ය නොවන බවට සලකන ලදී. එමනිසා 1948 ජුලි මස දී එක්සත් ජනපද රජයෙන් ලංකාණ්ඩුව මහ බැංකුවක් පිහිටුවීමට අවශ්‍ය තාක්ෂණික විශේෂඥ දැනුම ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කළේ ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ෆෙඩරල් සංචිත මණ්ඩලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝන් එක්ස්ටර් මහතා මෙහි කටයුතු කිරීම සඳහා පත් කරනු ලැබී ය.
1949 නොවැම්බර් මාසයේ දී මහ බැංකුව සඳහා තාර්කික හා නෛතික රාමුව පිළිබඳ එක්ස්ටර් වාර්තාවලංකාණ්ඩුවට ඉදිරිපත් කරන ලදුව එය පිහිටුවීමට පියවර ගත්තේ ය. 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ ලංකා මහ බැංකුව පිහිටු වන ලද අතර 1950 අගෝස්තු 28 දින එහි මෙහෙයුම් කටයුතු ආරම්භ විය. 1985 දී එය ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස නැවත නම් කරන ලදි.
රටෙහි සමස්ත මූල්‍ය, බැංකු කටයුතු හා ණය ක්‍රම පරිපාලනය කිරීමට හා නියාමනය කිරිමට අවශ්‍ය පුළුල් බලතල මහ බැංකුවට පවරන ලදී. එමෙන්ම ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ තනි අයිතිය සහ බලය ද මහ බැංකුවට පවරන ලද අතර රටෙහි ජාත්‍යන්තර සංචිතවල භාරකාරු බවට ද එය පත් වුණි. 1949 මුදල් නීති පනතෙහි සඳහන් කළ ආකාරයට මහ බැංකුවේ අරමුණු වුයේ
Tuesday, July 1, 2014
කාර්ගීල්ස් බැංකුව ඇරඹේ
මෙරට ප්‍රමුඛතම සුපිරි වෙළඳ සැල් ජාලයක් වන කාර්ගීල්ස් (සිලෝන්) හා සීටී හෝල්ඩින්ග්ස් යන සමාගම් එකතුවෙන් නවතම වාණිජ බැංකුව වන කාර්ගීල්ස් බැංකුව2014/06/30 කොල්ලුපිටියේදී විවෘත කරන ලදී.
කාර්ගීල්ස් බැංකුව විවෘත කිරීමේ උත්සවය ඊයේ පැවැත්වුණේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ ප්‍රධානත්වයෙනි.
මෙම බැංකුව මගින් සමාජයේ සියළුම සමාජ හා ආදායම් කාණ්ඩ ඉලක්ක කර තිබෙන අතර මෙහි කළමනාකාර අධ්යක්ෂවරයා වන්නේ හරිස් ප්‍රේමරත්න මහතාය.රුපියල් බිලියන 04 ක පමණ මුළික ප්‍රාග්ධනයකින් ආරම්භ වන මෙම බැංකුවේ සියයට 30 ක හිමිකම කාර්ගිල්ස් සමුහ ව්‍යාපාරය දරණ අතරේ සියයට 10 කට ආසන්න ප්‍රතිශතයකට පසුගියදා සේවක අර්ථසාධක අරමුදල දායකත්වය ලබා දිණි.ඒ රුපියල් මිලියන 550 ක පමණ මුදලකින් බව එම මහ බැංකු ප්‍රකාශකයා කිය.
මෙම බැංකුවේ සියයට 10 බැගින් කොටස් මිලදි ගැනිමට ලෝක බැංකුවේ පුද්ගලික අංශයේ මුල්‍ය සම්පාදන ආයතනය වන IFC සහ ජර්මානු සංවර්ධන මුල්‍යායතනය DEG පසුගියදා පියවර ගත්තේය.
කාර්ගිල්ස් ෆුඩි සිටි කේන්ද්‍ර කර සිය ව්‍යාපාරික කටයුතු දියත් කරන නිසා මෙහි ආරම්භක පිරිවැය ඉතාම අවම මට්ටමකින් සිදු කළ හැකි බව ද සදහන්ය.
උපුටා ගැනීම ඩේලි මිලර් පුවත් පත
Monday, June 30, 2014
ඩොලර් බිලියන දෙකේ ශ්‍රී ලංකා නිමි ඇඳුම් වෙළෙඳපොළට තවත් දේශීය සන්නාම එන ලකුණු
තම සංගමය යළි එළිදැකීමේ උත්සවයේදී අදහස් දැක්වූ ධර්මවර්ධන මහතා සඳහන් කළේ මේ වනවිට ගණන් බලා ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් වෙළෙඳපොළ ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක් පමණ වන බවය.”
මෙම වෙළෙඳපොළ විශාල එකක්. දේශීය ජනප්‍රිය සන්නාම මේ වෙළෙඳපොළ තුළ දැනට නියෝජනය කරන්නේ සියයට 40ක් පමණයි. එහෙත් එය සියයට 60ක් වැනි ප්‍රතිශතයක් දක්වා වර්ධනය කළ හැකියි. මේ තුළින් අපට මෙම වෙළෙඳපොළ තුළට ගුණාත්මක තත්ත්වයේ දේශීය නිමි ඇඳුම් ඇතුළු කළ හැකි වනවා” යඥයිද සඳහන් කළේය.
පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් වෙළෙඳපොළ සියයට 10කින් වර්ධනය වී තිබෙනවා. මේ අතරට නව ඇඳුම් සන්නාම කිහිපයක්ම දේශීය පාරිභෝගිකයන් අතර ජනප්‍රිය වී තිබෙනවා. අපට අවශ්‍ය මෙවැනි උසස් මට්ටමේ සන්නාම තවදුරටත් මෙම වෙළෙඳපොළ තුළ තහවුරු කිරීමයි.” යයිද ධර්මවර්ධන මහතා තවදුරටත් සඳහන් කළේය.
එමෙන්ම මේ වනවිට ඇමෙරිකාව වැනි රටවල පවා ශ්‍රී ලංකාවේ නිම ඇඳුම් සඳහා සුවිශේෂ ස්ථානයක පවතින බැවින් මෙම තත්ත්වය දේශීය වෙළෙඳපොළ තුළ ද නිර්මාණය කිරීමේ කාලය එලඹ ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළේය.
උපුටා ගැනීම රිවිර නිල වෙබ් අඩවිය
Saturday, June 28, 2014
ජාතික ආදායම් සමීකරණ
ජාතික ආදායම් සමීකරණය (National Income Identity) සහ
ආර්ථික අංශ අසමතුලිතතාවය
ජාතික ආදායම් ගණනය කිරීම පිළිබඳව ආර්ථිකයක චක්‍රීය ආදායම් ප්‍රවාහය (Circular Flow of Income) අදහසට අනුව රටක දළ දේශීය හෝ දළ ජාතික නිෂ්පාදිතය එහි දළ දේශීය හෝ දළ ජාතික වියදමට සමාන වෙයි.
Y = C + I + G + X – M ………………….(1)
Y : දළ ජාතික නිෂ්පාදිතය
C : පෞද්ගලික පරිභෝජනය
I : පෞද්ගලික ආයෝජනය
G : රාජ්‍ය වියදම (පරිභෝජන සහ ආයෝජන)
X : භාණ්ඩ හා සේවා අපනයනය සහ විදේශ සාධක ආදායම් ලැබීම
M : භාණ්ඩ හා සේවා ආනයනය සහ විදේශ සාධක ආදායම් ගෙවීම්
මෙය දළ දේශීය නිෂ්පාදිතය සහ දළ දේශීය වියදම යන අර්ථයෙන් සාකච්ඡා කරන විට X සහ M විදේශ සාධක ආදායම්/ගෙවීම් නොමැතිව සලකා බැලේ. ඉහත සමීකරණය ආර්ථික විද්‍යාවේ ජාතික ආදායම් සමීකරණය ලෙස ප්‍රචලිත අතර එය සාර්ව ආර්ථික විශ්ලේෂණයන්හි පදනම ලෙස නිතර භාවිතා කරනු ලැබේ. මෙම ආදායම් සමීකරණයේ දෙපැත්තෙන්ම මහජනයා (පුද්ගලයන් සහ ව්‍යාපාරික ආයතන) විසින් ගෙවන බදු (T) අඩු කිරීමෙන් පහත සමීකරණය ලබාගත හැකිය.
Y – T = C + I + G + X – M – T
YD = C + I + (G-T) + (X-M) ………………..(2)
මෙහි YD යනු රටේ මහජනතාවගේ/පෞද්ගලික අංශයේ වැයකළ හැකි ආදායමයි. මෙම සමීකරණය තවදුරටත් පහත ලෙස සැකසිය හැකිය.
Tuesday, June 24, 2014
මුදල්
මුදලේ පරිණාමය
මුදලේ පරිණාමය විවිධ අවස්ථාවන් කිහිපයක් යටතේ පැහැදිලි කළ හැක.
මෙම ක්‍රමය යටතේ තම නිෂ්පාදිත භාණ්ඩයේ අතිර්‍රක්තය වෙනත් අයෙකුට දි ඹහුගෙන් තමාට අවශ්‍ය දෙයක් ලබා ගන්නා ලදි. පටු අවශ්‍යතා ඇති ස්වයංපෝෂිත ග්‍රාමීය සමාජයන්හි මෙම භාණ්ඩ හුවමාරු ක්‍රමය පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකිවිය. නමුත් මිනිසුන්ගේ අවශ්‍යතා සංකීර්ණ වීමත් සමග මෙම භාණ්ඩ හුවමාරු ක්‍රමය අසාර්ථක විය.
භාණ්ඩ මුදල්
ඓතිහාසිකව බලන විට විවිධ ද්‍රව්‍ය රැසක්ම විවිධ අවස්ථාවන්හි හුවමාරු මාධ්‍ය ලෙස භාවිතා වී ඇත.
උදා: සිප්පිකටු, ලුණු, දුම්කොළ, තඹ, යකඩ, රත්රන්
***රැගෙන යාම අපහසු වීම, ඉක්මනින් විනාශ වීම යනාදී දුෂ්කරතා පැවතීම හේතුවෙන් භාණ්ඩ මුදල් භාවිතයද අසාර්ථක විය.***
කඩදාසි ව්‍යවහාර මුදල් භාවිතය ප්‍රචලිත වී ඇත්තේ හුවමාරු මාධ්‍යයක් වශයෙන් ඵය ලබා දෙන පහසුව නිසාය. මුදල් නෝට්ටු පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි අතර, ඒකරාශී කර තබා ගැනිමද පහසුය.
3.බැංකු මුදල්
වාණිජ බැංකු පවත්වාගෙන යන ඉල්ලුම් තැන්පත් හෙවත් ජංගම ගිණුම්වල ශේෂ බැංකු මුදල් ලෙස හඳුන්වයි. ජංගම ගිණුම් වල ශේෂ ගනුදෙනු සඳහා භාවිතා කරන්නේ චෙක්පත් නිකුත් කිරීමෙනි. චෙක්පත් ව්‍යවහාර මුදල් ලෙසම ගනුදෙනු සඳහා භාවිතා කරයි. බැංකු මුදල් ව්‍යවහාර මුදල් මෙන්ම 100% ක්ම ද්‍රවශීලතාවයෙන් යුක්ත යැයි පිළිනොගනී.එහෙත් බැංකු මුදල් ආසන්න මුදල් වලට වඩා ද්‍රවශීලතාවයෙන් යුක්තය.
Monday, June 23, 2014
පොලී අනුපාතය පහළ දාන්නලු
ණය සදහා වන පොළි අනුපාතික පහත හෙළන්නැයි ශී‍්‍ර ලංකා මහ බැංකුව දිවයිනේ කි‍්‍රයාත්මක අනෙක් බැංකු වලට උපදෙස් නිකුත් කිරීමට සැරසේ.
මහ බැංකුවේ අදහස වී ඇත්තේ තැන්පතු වලට ලබාදුන් පොළි අනුපාතිකයන් මේ වන විට පහත හෙළා ඇති හෙයින් ඒ හා අනුරූපව ණය වලට අය කෙරෙන මුදල් ප්‍රමාණය තීරණය කෙරෙන පොළී අනුපාතිකයන්ද පහත හෙළිය යුතුව ඇති බවයි.
නමුත් තවමත් මෙවැන්නක් සිදුවී නොමැති නිසා ව්‍යවසායකයින් ණය මුදල් සපයා ගැනීමට මූල්‍ය ආධාර එකතු කර ගැනීමේ ව්‍යාපාර,විදේශයන්හි සිට ලබා ගැනෙන මුදල් ආධාර වැනි රටේ ආර්ථිකයට සවියක් නොවන කි‍්‍රයාකාරකම් වලට යොමුවී ඇතැයි මහ බැංකුව කියයි.
මෙනිසා ව්‍යවසායකයින් වෙනුවෙන් අඩු පොළී ණය ලබා දීමේ වැඩපිළිවෙලක් ඇතිකළ යුතුව ඇතැයි මහ බැංකුව පවසයි.
පෙර මෙය අවදානම් යැයි සැළකිය හැකි වුවත් දැන් රටේ පවතින වාතාවරණය හමුවේ එවැනි අවදානමක් නොමැති බවත් මහ බැංකුව කියයි.
උපුටා ගැනීම ලංකාදීප නිල වෙබ් අඩවියෙන්
Sunday, June 22, 2014
කාල් මාක්ස්, ධනවාදය බිඳවැටීම කල්තියා දුටු ශ්‍රේෂ්ඨයා
කාල් මාක්ස්,
ධනවාදය බිඳවැටීම කල්තියා දුටු ශ්‍රේෂ්ඨයා
ලොව ශ්‍රේෂ්ඨතම භෞතිකවාදී චින්තකයා වන කාල් මාක්ස්ගේ අභාවයෙන් 128 වැනි සංවත්සරය යෙදෙනා අවස්ථාවේදී ඔහුට බුහුමන් ලෙස රචනා කෙරෙන මේ ලියෑවිල්ලේ අරමුණ වනුයේ 1860 ගණන් තරම ඈත දී ඔහු කෙතරම් තියුණු ලෙස ධනවාදයේ බිඳවැටීම පිළිබඳව පුරෝකථනය කළේ දැයි ඉතා සැකෙවින් වුව දක්වා සිටීම ය. ඔහු සිය අග්‍රගණ්‍ය කෘතියක් වන 'ප්රාග්ධනයෙහි' මීට සියවස් එකහමාරකට පෙරාතුව අනාවැකි කී දෑ පිළිබඳව අපි අද සාක්ෂි දරමින් සිටිමු.
ලොව පුරා මිලියන ගණනක මිනිසුන්, යක්ෂයකු ලෙස හඳුන්වමින් මාක්ස් දැඩි ගර්හාවට, පිළිකුලට බඳුන් කරද්දී තවත් මිලියන ගණන් ජනතාව ඔහු තමන්ගේ දෙවියා ලෙස ඉමහත් ආදරයෙන් වැළඳ ගනිති. අව්‍යාජ ලෙස බුහුමනට පාත්‍ර කරති. 21 වැනි සියවස ආරම්භයේ දී යුරෝපයේ පවත්වන ලද මත විමසුමක දී 20 වන සියවසෙහි ශ්‍රේෂ්ඨතම චින්තකයා ලෙස තෝරා ගන්නා ලද්දේ අන් කවරකුවත් නොව කාල් මාක්ස් ය.
දැනට වසර කිහිපයකට ඉහත දී එංගලන්තයේ චැනල් 4 නාලිකාවේ ශ්‍රාවකයෝ ද සිය ප්‍රියතම චින්තකයා ලෙස තෝරා ගත්තේ කාල් මාක්ස් ය. වෙනකක් තබා, මේ අද පවා සැම කල්හිම ලොවට ඉහළම බලපෑමක් කළ හැකි චින්තකයා ලෙස කාල් මාක්ස් කෙරේ වන පිළිගැනීම කෙසේවත් බිඳලිය නොහැකි ය. මෙසේ ඔහු ඇගයුමට ලක්වීමට ප්‍රධානතම හේතුව වනුයේ ධනවාදය පිළිබඳව ඔහු විසින් ඉරිපත් කරන ලද නිවැරදි විග්‍රහය හා එහි පසුකාලීන ඇදවැටීම පිළිබඳව කරන ලද පුරෝකථනයන් ය.
Tuesday, June 17, 2014
Saturday, June 14, 2014
නිදහසින් පසු ආර්ථිකය 2
ආර්ථිකයේ ආංශීය ව්‍යුහය (Economic Sectoral Structure)
මෙහිදී ද.දේ.නි.යෙහි කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා අංශවල වටිනාකම ද.දේ.නි.යෙන් ප්‍රතිශතයන් ලෙස දැක්වේ.
මෙයින් එම අංශයන්ගේ සාපේක්ෂ නිෂ්පාදන වටිනාකම කාලීනව සමස්ත ආර්ථික කටයුතු වලට අනුරූපව වෙනස්වන ආකාරය තුළින් ආර්ථික ව්‍යුහයේ වෙනස්වීම හඳුනාගත හැකිය. සමහර රටවල කෘෂිකර්මය ආර්ථික ව්‍යුහයේ ප්රමුඛත්වයක් ගන්නා අතර සමහර රටවල සේවා අංශය හෝ කාර්මික අංශය ප්රමුඛත්වයක් ගනී. බොහෝ රටවල ආර්ථිකයන් වර්ෂ ගණනාවක් තුළ දියුණුවන විට කෘෂිකර්මාන්තයේ සාපේක්ෂ දායකත්වය අඩුවී කාර්මික හා සේවා අංශවල දායකත්වය ඉහළ ගොස් ඇත. බොහෝ රටවල් ආර්ථික දියුණුව සඳහා කර්මාන්ත අංශය ව්‍යාප්ත කිරීමට උත්සාහ ගැනීම නිසා මෙම ව්‍යුහාත්මක ලක්ෂණය ඇතිවී ඇත. ආර්ථික සංවර්ධනයේ දී කර්මාන්ත සහ සේවා අංශයේ ප්‍රතිශතය වැඩිවී කෘෂිකර්මාන්ත අංශයේ ප්‍රතිශතය අඩුවීමෙන් කෘෂිකාර්මික අංශයේ කඩාවැටීමක් හෝ පහළ යාමක් සිදුවී ඇති බව අදහස් නොවේ. කෘෂිකර්මාන්ත අංශයේ වර්ධනය තවදුරටත් පවතින අතර එහි නිෂ්පාදනය වැඩිවනු ඇත. එබැවින්, ද.දේ.නි. යෙහි වර්ධනයට කාර්මික සහ සේවා අංශවල දායකත්වය වැඩිවීම හේතුකොට ගෙන කෘෂිකර්මාන්ත අංශයේ සාපේක්ෂ දායකත්වය අඩුවීමක් පමණක් මෙහිදී පෙන්නුම් කෙරේ.
සාමාන්‍යයෙන් බොහෝ රටවල් ගෝලීයකරණය තුළින් සංවර්ධනය වන විට භාණ්ඩ හා සේවා ආනයන සහ අපනයන කටයුතු හේතු කොට නිෂ්පාදන ව්‍යුහයෙහි වෙනස්කම් ඇතිවනු ඇත. නව කර්මාන්ත සහ සේවා දියුණුවීම නිසා එම අංශවල දායකත්වය ඉහළ යන අතර කෘෂිකාර්මික අංශයේ දායකත්වය පහළ බසී. සමහර රටවල සේවා අංශයේ දායකත්වය ප්‍රධාන ස්ථානය ගනී. දියුණුවන බොහෝ රටවල ඉඩම් හිඟය සහ අධි ජන ඝනත්වය නිසා කෘෂිකාර්මික අංශයට ප්‍රධාන අංශය ලෙස ආදායම සහ රැකියා සැපයීමට හැකියාවක් නොමැත. කාර්මික සහ සේවා අංශයට විදේශ ආයෝජනය ලැබෙන අතර කුඩා ඉඩම් ප්‍රමාණයකින් විශාල පිරිසකට රැකියා සැපයිය හැකිය. එහෙත්, ජනගහනය අඩු, ඉඩම් බහුල රටවල කෘෂිකාර්මික අංශය මූලික අංශය ලෙස පවතිනු ඇත.
ශ්‍රී ලංකාවේ 1950 වර්ෂයේ සිට දත්ත විශ්ලේෂණයේ දී ද.දේ.නි. යෙහි කෘෂිකාර්මික අංශයේ ප්‍රතිශතක දායකත්වය සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර කාර්මික සහ සේවා අංශවල දායකත්වය ඉහළ ගොස් ඇත. සේවා අංශය ප්රමුඛ අංශය ලෙස සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත.
එහි සාරංශයක් පහත දැක්වේ.
Friday, June 13, 2014
නිදහසින් පසු ආර්ථිකය 1
නිදහසින් පසු ආර්ථිකය 1
වර්ෂ 1948 දී නිදහස ලැබීමෙන් පසු වර්ෂ 63 ක කාලයක් ගෙවී ගොස් ඇත. වර්ෂ 63 ක් යනු දීර්ඝ කාලපරිච්ඡේදයකි. මේ කාලයේදී නොයෙකුත් රජයන් බලයට පත් වූ අතර, ඒ ඒ රජයන් විසින් නොයෙකුත් ආර්ථික ප්‍රතිපත්ති මෙන්ම, රට සංවර්ධනය කිරීම සඳහා නොයෙකුත් සංවර්ධන වැඩසටහන් ද දියත් කරන ලදී.
නිදහස ලබන අවස්ථාවේදී ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් පැවතියේ කෘෂිකාර්මික ආර්ථිකයක් වශයෙනි. - ජාතික ආදායමට වැඩි වශයෙන්ම දායක වූයේ තේ, රබර් සහ පොල් යන ප්‍රධාන වැවිලි බෝග තුනෙහි නිෂ්පාදනය සහ වෙළෙදාමයි. එසේම දස ලක්ෂ හතක් පමණ වූ එවකට ජනගහනයෙන් අඩකටත් වැඩි පිරිසකගේ ජීවිකාව රැඳී පැවතියේ ද කෘෂිකර්මය මතය.
- තේ, රබර් සහ පොල් යන ප්‍රධාන වැවිලි බෝග තුනෙහි සැකසුම් ද ඇතුළත් වු වෙළෙඳ හා වාණිජ, බැංකු කටයුතු හා රක්ෂණ සහ ප්‍රවාහන හා නිෂ්පාදන යනාදී ආර්ථිකයෙහි අනෙකුත් අංශ රැසක කටයුතු ද වැවිලි අංශයේ ක්‍රියාකාරීත්වය මත රැඳී පැවතුණි. ඒ අවධියේ ආනයන සහ අපනයන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 70 කට පමණ දායක විය.
- 1948 දී අපගේ ඒක පුද්ගල ආදායමඇමරිකානු ඩොලර් 120 ක් හෙවත් රුපියල් 397 ක් විය.
- සාමාන්‍ය වාර්ෂික උද්ධමනයසියයට 7 ක් පමණ විණි.
- සේවා වියුක්තය සියයට11.9 ලෙස පැවතිණි.
- 1951 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයසියයට 6.2 ක් වූ අතර, වර්ෂ 1951 සහ වර්ෂ 1955 අතර කාලයේදී සාමාන්‍ය ආර්ථික වර්ධනයසියයට 4.3 ක් ද විය.
- 1950 වසරේ සංඛ්‍යාලේඛන අනුව එම වසරේ දළ දේශීය නිෂ්පාදිතයටකෘෂි අංශය සියයට 46.3 කින්ද, කාර්මික අංශය සියයට 19.6 කින් සහ සේවා අංශය සියයට 36.9 කින්ද දායක වී ඇත.
මේ අප සැකෙවින් සටහන් කළේ නිදහස ලබන අවධියේදී ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ මූලික ආර්ථික තොරතුරු කිහිපයකි.
Wednesday, June 11, 2014
Tuesday, June 10, 2014
වෙළෙපොළ ඉල්ලුම හා සැපයුම
වෙළෙපොළ ඉල්ලුම හා සැපයුම
රූපවාහිනී ජාතික පාසල මගින් ඉදිරිපත් කරන ලද Video ව මගින්.
Saturday, June 7, 2014
මෑත කාලීන ආර්ථික ප්රවනතා
මෑත කාලීන ආර්ථික ප්රවනතා
2013 සුවිශේෂී සිදුවීම් හා 2014 අපේක්ෂාවන්
පෙර දිග කලාපයේ පවතින අස්ථාවරතා,තෙල් මිල කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි බැවින් උද්ධමන අපේක්ෂාවන් සම්බන්ධයෙන් අවධානමක් ඇති විය හැක. දියුණු ආර්ථිකයන්හි උද්ධමන මට්ටම අඩුවෙන් පවතින අතර,එම රටවල ආර්ථික වර්ධනය එහි විභව මට්ටමට ළගා වන තුරු උද්ධමනයද ඉලක්ක ගත මට්ටමට නොපැමිණෙතැයි අපේක්ෂා කෙරේ යුරෝපා කලාපයේ පවතින දුර්වල ආර්ථික වර්ධනය හා වැටුප් පහල යාම කෙරෙහි පීඩනයක් පැවතීම හේතුවෙන් උද්ධමනය ඉලක්ක ගත මට්ටමට වඩා අඩු අගයකට පවතිනු ඇති අතර, 2014 පරිභොජන බදු වැඩි කිරීමත් සමග ජපානයේ උද්ධමනය තාවකාලික ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂිතය.
ධාරිතා සංරෝධකය පැවතීම හේතුවෙන් මිල ගණන් ඉහළ යෑමේ පීඩනයක් ඇතිවිය හැකි වූවත්, වෙළද මිළ ගණන් පහල යෑම හා ආර්ථික වර්ධනය මන්දගාමී වීම හේතුවෙන් නැගී එන ආර්ථිකයන්හි උද්ධමන පීඩනය අඩු වනු ඇත.
ධාරිතා සංරෝධකය පැවතීම හේතුවෙන් මිල ගණන් ඉහළ යෑමේ පීඩනයක් ඇතිවිය හැකි වූවත්, වෙළද මිළ ගණන් පහල යෑම හා ආර්ථික වර්ධනය මන්දගාමී වීම හේතුවෙන් නැගී එන ආර්ථිකයන්හි උද්ධමන පීඩනය අඩු වනු ඇත.
ශ්‍රී ලංකාව සහ බෙලරූස් රාජ්‍ය අතර වෙළෙද කමිටුවක්
ශ්‍රී ලංකාව සහ බෙලරූස් රාජ්‍ය අතර වෙළෙද කමිටුවක්
ශ්‍රී ලංකාව සහ බෙලරූස් රාජ්‍ය අතර වෙළෙද කමිටුවක් පිහිටුවීමට සැලසුම් කෙරේ. ඒ සඳහාවූ මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇතැයි කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. ලබන ජුලි මාසයේදී වෙළෙද කමිටුව පිහිටුවීම අපේක්ෂාවයි. දෙරට අතර වෙළෙදාම සැළකිය යුතු මට්ටමින් ඉහළ ගොස් තිබේ. 2010 වසරට සාපේක්ෂව පසුගිය වසර කිහිපයේදී විදේශ වෙළෙදාම දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි අමාත්‍යාංශය පෙන්වාදෙයි. තවදුරටත් වෙළෙදාම පුළුල් කිරීම වෙළෙද කමිටු පිහිටුවීමේ අපේක්ෂාවයි.
ශ්‍රී ලංකාව සහ බෙලරූස් රාජ්‍ය අතර වෙළෙද කමිටුවක් පිහිටුවීමට සැලසුම් කෙරේ. ඒ සඳහාවූ මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇතැයි කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. ලබන ජුලි මාසයේදී වෙළෙද කමිටුව පිහිටුවීම අපේක්ෂාවයි. දෙරට අතර වෙළෙදාම සැළකිය යුතු මට්ටමින් ඉහළ ගොස් තිබේ. 2010 වසරට සාපේක්ෂව පසුගිය වසර කිහිපයේදී විදේශ වෙළෙදාම දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි අමාත්‍යාංශය පෙන්වාදෙයි. තවදුරටත් වෙළෙදාම පුළුල් කිරීම වෙළෙද කමිටු පිහිටුවීමේ අපේක්ෂාවයි.
ආවස්ථික පිරිවැය
ආවස්ථික පිරිවැය
නිෂ්පාදන හැකියා ආදර්ශනය
නිෂ්පාදන හැකියා ආදර්ශනය ගැන දැනගන්න.
රූපවාහිනී ජාතික පාසල මගින් ඉදිරිපත් කරන ලද නිෂ්පාදන හැකියා ආදර්ශනය පහත Video ව මගින්.
Thursday, June 5, 2014
ආර්ථික දර්ශක
ආර්ථික දර්ශක යනු,
ආර්ථිකයක සාධන මට්ටම මැනීම සදහා යොදා ගන්නා උපකරණ කට්ටලය ආර්ථික දර්ශක ලෙස හදුන්වයි.
උදාහරණ ලෙස
*රටේ නිමවුම
*මූර්ථ නිමවුම
*විනිමය අනුපාතික
*පොලී අනුපාතික
ආර්ථිකයක සාධන මට්ටම මැනීම සදහා යොදා ගන්නා උපකරණ කට්ටලය ආර්ථික දර්ශක ලෙස හදුන්වයි.
උදාහරණ ලෙස
*රටේ නිමවුම
*මූර්ථ නිමවුම
*විනිමය අනුපාතික
*පොලී අනුපාතික
ආර්ථික දර්ශක මහ බැංකුව විසින් මහ බැංකු වාර්ථාව මගින් ඉදිරිපත් කෙරේ.
2013 වර්ෂයට අදාළ ආර්ථික දර්ශක පහතින් භාගත කරන්න
භාගත කරන්න
Create by-: R.M. Amilla Gunawardhana
Wednesday, June 4, 2014
ආර්ථීක විද්‍යාවේ පදනම
Add caption |
ආර්ථික විද්‍යාව හැදෑරිය යුත්තේ ඇයි?
- ආර්ථික විද්‍යාවේ අදහස් සමාජය මත ප්‍රබල බලපෑමක් ඇති කරයි.නුතන රාජ්‍ය පාලනයට අවශ්‍ය වේ.
- සාර්ථක පුරවැසියෙකු ලෙස සමාජිය තුළ කටයුතු කිරිමට.
- බුද්ධිමත් ඡන්ද දායකු විමට.
- විශ්ලේෂනාත්මක නිපුනතාවය හා තාර්කික සිතිමේ හැකියාව වර්ධනයට.
ආර්ථික විද්‍යාව තුළ අන්තර් ගත වු ප්‍රධාන කරුණු 2ක් අවධානය කෙරේ.
- යථානුරූපී ආර්ථික විද්‍යාව හා අභිමතානුරූපි ආර්ථික විද්‍යාව.
- සූක්ෂම ආර්ථික විශ්ලේෂණය හා සාර්ව ආර්ථික විද්‍යාව.
අවශ්‍යතා සහා වුවමනා
අවශ්‍යතා සහා වුවමනා
මිනිස් වුවමනාවල දක්නට ලැබෙන මුලික ලක්ෂණ කිහිපයකි.
- මිනිස් වුවමනා විවිධ සහ විෂම විම.
- මිනිස් වුවමනාවල පවත්නා අවේණික හා අනුපුරක බව.
මිනිස් වුවමනා වලින් සමහරක් උපතේ සිට ආරම්භ වේ. මෙය ආවේණකබවයි) (එක් වුවමනාවක් ඉටුකරගත් පසු එයට සමිබන්ධිත තවත් වුවමනාවල්රාශියක් ඇතිවිම අනුපුරක බව ලෙසට සැලකේ.
අවශ්‍යතා සහා වුවමනා
මිනිසාගේ ඇතැම් වුවමනා මුලික ජිව විද්‍යත්මක අවශ්‍යතා සපුරා ගැනිමේ අවශ්‍යතා තුළින් පැන නගී.
උදාහරණයක් වශයෙන් ආහාර ,වස්ත්‍ර, වාසස්ථාන වන ආදිය දැක්විය හැක.
Tuesday, June 3, 2014
ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත් වන ආර්ථික තොරතුරු
2014 මැයි මාසයේ දී උද්ධමනය සැලකිය යුතු ලෙස පහළ වැටේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (කො.පා.මි.ද) (2006/07=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්යමය පදනම මත, පූර්ව මාසයේ පැවති සියයට 4.9 හි සිට 2014 මැයි මාසයේ දී සියයට 3.2 දක්වා සැලකිය යුතු ලෙස පහළ වැටිණි. මෙය 2012 පෙබරවාරි මාසයෙන් පසු වාර්ථා කළ අඩුතම අනුපාතිකය වේ. වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමනය ද 2013 ජූනි මස සිට පෙන්නුම් කළ පහළ යාමේ උපනතිය අනුව යමින් 2014 අපේල් මස පැවති සියයට 5.6 හි සිට 2014 මැයි මාසයේ දී සියයට 5.3 දක්වා තවදුරටත් පහළ වැටිණි.Sunday, June 1, 2014
ආර්ථික විද්‍යාවේ නිර්වචන.
නිර්වචන
ආර්ථික විද්‍යාව,සීමාසහිත සම්පත් ප්‍රමාණයක් පවතින සාමාජයක් තුළ මිනිසාගේ භෞතික අවශ්‍යතා සහ අසීමිත වුවමනාවන් සපුරා ගැනීමට කටයුතු කිරිමේ දී නිෂ්පාදනය,බෙදාහැරීම හා පරීභෝජනය යන ක්ෂේත්රයන්හි මිනිස් හැසිරිම විග්රහ කිරිමට සුවිශේෂ වශයෙන් යොමු වු විෂයක් ලෙසයි.
නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර
නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර
ජීවන තත්ත්වය යනුවෙන් අදහස් කරන්නේ අවශ්‍යතා සපුරා ගත් මට්ටමයි.පුස්ගලයින්ට සිය අවශ්‍යතා සපුරා ගැනීමට බලපාන කරුණු තුනකී.
01.විභව නිමැවුම
නිෂ්පාදන ධාරිතාව නිෂ්පාවන ශඛ්‍යතාව හෝ නිෂ්පාදන හැකියාව ලෙස මෙය හැදින්වේ.කෙතරම් භාණ්ඩ ප්‍රමාණයක් ආර්ථිකයට නිපදවා ගැනීමට ශක්තියක් ඇථිද යන්න මෙයින් කියවෙයි.රටක විභව නිමැවුම තීරණය වීමට බලපාන කරැණු දෙකකි.එනම්,- සාධක සේවා වෙළඳපොළ.
- සාධක සේවාවල ඵලධායිතාවය.
ආර්ථික වෘද්ධියක් ලෙස සැලකෙන්නේ රටක මූර්ථ නිමැවුවේ දිගු කාලීන ඉහල යෑමයි.නැතිනම් නිෂ්පාදන හැකියාවේ අඛණ්ඩ වර්ධනයකි.එය සිදු වන්නේ ඉහත කරුණු දෙකෙහි වර්ධනය මඟිනිය.
සම්පත්
සම්පත්
නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නා සියලුම යෙදවුම් නිෂ්පාදන සම්පත් වශයෙන් හැඳින්විය හැකිය.නිෂ්පාදන සම්පත් ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත් ලෙසට වර්ග කෙරේ.
ආර්ථික සම්පත්
අසීමිත වුවමනාවන්ට සාපේක්ෂ සැපයුම සීමාසහිත හෝ හිඟ සම්පත් ආර්ථික සම්පත් ලෙස සැලෙකේ.ආර්ථිකසම්පත් වල මූලික ලක්ෂනයක් වන්නේ හිඟකමයි.මේ අනුව නිෂ්පාදන සම්පත් අතුරෙන් සීමා සහිත සැපයුමක් ඇති සම්පත් ආර්ථික සම්පත් හෙවත් හිඟ සම්පත් වශයෙන් හදුන්වනු ලැබේ.ආර්ථික සම්පත් සඳහා මිලක් ද පවත්න අතර විකල්ප ප්‍රයෝජන ද ඇත. මේ නිසාම ආවස්ථික පිරිවැයක් දක්නට ලැබේ.කවර සමාජයක වුව ද යම් දෙන ලද අවස්ථාවක අසීමිත මිනිස් වුවමනා සපුරා ගැනීමට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරිමෙහිලා යොදා ගත හැකි ආර්ථික සම්භාරය සීමා සහිත වේ.
Friday, May 30, 2014
ආර්ථික විද්‍යාව
Economics ඉංග්‍රීසි වචනයේ සිංහල පරිවර්ථනය ආර්ථික විද්‍යාවයි. Greek වචනයක් වූ "okionomos"යන වචනයෙන් බිදී ආ වචනය ලෙස Economics වචනය හැදින්විය හැක.මෙය ආර්ථික විද්‍යාව දක්වා පරිවර්ථනය වූ ආකාරය පහත දැක්වේ.
Okio=House- ගෘහය
Nomos= Management-කළමණාකරණය
ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්රය පහත දැක්වෙන ලෙස විවිධ වර්ගයන්ට
වර්ග කල හෝ බෙදා දැක්විය හැකිය.
Okio=House- ගෘහය
Nomos= Management-කළමණාකරණය
ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්රය පහත දැක්වෙන ලෙස විවිධ වර්ගයන්ට
වර්ග කල හෝ බෙදා දැක්විය හැකිය.
Tuesday, May 27, 2014
ආර්ථික පද්ධති
Add caption |
ආර්ථික පද්ධති හදුනා ගැනීම
මොකක්ද මේ ආර්ථික පද්ධතියක් කියන්නෙ.
සමාජයේ පොදු ලක්ෂනයක් වන හිගකම නිසා පැන නගින මූලික ආර්ථික ප්‍රශ්න විසදා ගැනීම සදහා සකසා ඇති සමාජීය සහ ආයතනික වැඩපිළිවල ආර්ථික පද්ධත්යක් කියල කියනවා.ආර්ථික පද්ධතියක් සතු ප්‍රධාන කාර්යබර්ය 03 කි.
1.කවර භාණ්ඩ කොතරම් ප්‍රමාණවලින් නිපදවිය යුතු බව.
2.භාණ්ඩ නිෂ්පාදනය කළ යුත්තේ කේසේද යන්න තීරණය කීරිම.
3.කා සදහා භාණ්ඩ නිෂ්පාදනය කරනු ලැබේද යන්න තීරණය කීරිම.
ආර්ථික පද්ධතියක් තුළ දක්නට ලැබෙන ආයතනික ලක්ෂන,
- කුටුම්බ දක්නට ලැබිම.
- ව්‍යාපාරික අංශයක් දක්නට ලැබිම.
- වෙළෙදපොළවල් දක්නට ලැබිම.
- කම්කරු සංවිධාන දක්නට ලැබිම.
- ආණ්ඩුවක් දක්නට ලැබිම.
- රාජ්‍ය නොවන සංවිධාන දක්නට ලැබිම.
- සානුබල (අභිප්‍රේරණ) පද්ධතියක දක්නට ලැබිම.
- නෛතික ව්‍යුහවක් දක්නට ලැබිම.
- සිරිත් විරිත්, සම්ප්‍රධායන් සහ සංස්කෘතියක් දක්නට ලැබිම.
Subscribe to:
Posts (Atom)